IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කොරෝනා මඬින්න සියල්ල කරන බව චීන ජනපති කියයි

කොරෝනා වයිරසය පරාජයට පත් කිරීමට සියල්ල කරන බව චීන ජනාධිපති ෂී ජින්පින්ග් අද (7) ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට සහතික විය. 

රටවල් 24 කට පැතිර ගොස් තිබෙන මාරාන්තික කොරෝනා වයිරසය හේතුවෙන් 640 දෙනකු මියගොස් ඇති අතර වයිරසය ආසාදනය වූවන්ගේ සංඛ්‍යාව 31,000 ඉක්මවා ගොස් ඇත.

වයිරසය සම්බන්ධයෙන් මුලින්ම අනතුරු ඇඟවූ වෛද්‍යවරයා ද ඉන් මියගිය බව අද (7) වාර්තා විය. වයිරසය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීම නිසා එම වෛද්‍යවරයා පොලිසියේ තර්ජනයට ද ලක්විය. 

චීනය ප්‍රතිඵල අත්පත් කරගනිමින් සිටින බවත් තමන්ට මෙම වයිරසය පරාජය කළ හැකි බවත් දුරකතන ඇමතුමක් දෙමින් චීන ජනාධිපතිවරයා, ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එලෙස දන්වා ඇත.

චීනයේ රාජ්‍ය රූපවාහිනී සේවය මේ පිළිබඳව වාර්තා කළ අතර ආර්ථික සංවර්ධනයට දිගුකාලීන ප්‍රතිවිපාක අත්නොවන බව ද ජනාධිපති ෂී ජින්පින්ග් ඇමෙරිකානු ජනාධිපතිවරයාට පවසා ඇත.

ඇමෙරිකාව කොරෝනා වයිරසය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ව්‍යාප්ත කරන බවට චීනය පසුගිය සතියේ දී චෝදනා කළේය.

කොරෝනා වයිරසය මැඬීමේ ජාතික සටනට සහාය වීම සඳහා චීන මහ බැංකුව පසුගිය සතියේදී එරට ආර්ථිකයට යුවාන් ට්‍රිලියන 1.2ක (ඇමෙරිකානු ඩොලර් බිලියන 173ක) මුදලක් මුදා හැරියේය.

චීනය යනු ලොව දෙවැනි විශාලතම ආර්ථිකයට හිමිකම් කියන රටය. චීනයේ පළමු කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සියයට 2ක් හෝ ඊට වැඩි අගයකින් හෝ මන්දගාමී වූ බව ආර්ථික විශ්ලේෂකයෝ පෙන්වාදෙති.

අවසන් කාර්තුවේදී චීන ආර්ථික වර්ධන වේගය  6% ක් විය. කෙසේ නමුත් වයිරසය දිගින් දිගටම පැවැතියහොත් ආර්ථික වර්ධන වේගය තවදුරටත් පහළ වැටෙනු ඇතැයි ද ඔවුහු කියති.

පසුගිය මැයි මාසයෙන් පසුව චීන කොටස්පොළවල වාර්තා වූ දුර්වලම සහ නරකම සතිය මේ සතියේදී වාර්තා විය. මේ තත්ත්වය ආසියානු කලාපයේ කොටස් වෙළෙඳපොළ රැසකදී දැකගන්නට ලැබිණි. දින කිහිපයක් ප්‍රතිලාභ ලැබුවද මූල්‍ය වෙළෙඳපොළ බොහෝමයක් පහත වැටී ඇත. 

රොයිටර්

055



අදහස් (2)

කොරෝනා මඬින්න සියල්ල කරන බව චීන ජනපති කියයි

lanka Friday, 07 February 2020 07:17 PM

චීනය කියන්නේ ජනතාවට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති රටවල් අතළොස්සෙන් ඉහළින්ම ඉන්න රටක්... ඒ වගේම උද්ඝෝෂණ බැහැ. තම රටේ අභ්‍යන්තර ප්‍රශ්න ලෝකයට හංගන රටවල් වලින් එකක්... මේ කොරෝනා වෛරසය සහ එහි භයානකකම තවමත් සත්‍ය වශයෙන්ම පිටරටවල් දැනටත් දන්නේ නැහැ. එහි සත්‍ය පුවත් චීනය ලෝකයට දෙන්නේ නැහැ.

:       12       3

Rohana Saturday, 08 February 2020 06:17 AM

චීන පොලිසියත් යමක ඇත්ත නැත්ත සොයා නොබලා කටයුතු කර ඇති බවයි පේන්නේ...

:       5       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31235 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13404 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10977 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 82 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 916 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 274 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site