
නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීමට ඉදිරි සති දෙකක කාලය සඳහා දැඩි සීමා පනවන බව දකුණු කොරියාව අද (25) සඳහන් කළේය.
දකුණු කොරියාවේ සිසිර උදාව එළැඹීමට නියමිතය. දකුණු කොරියානු වැසියන් සාම්ප්‍රදායිකව සිය පවුල්වල සාමාජිකයන් සමඟ එක් වන්නේ එම කාලයේ මුල් සති කිහිපයේදී ය.
එබැවින් නව කොරෝනා වයිරස පොකුරු ඇති වීමේ අවදානමක් හටගෙන තිබේ.
මේ ආකාරයෙන් පොකුරු ලෙස වයිරසය පැතිර යා හැකි ඉහළ අවදානමක් ඇති ස්ථාන 11ක් හඳුනාගෙන තිබේ.
සෝල් අගනුවර මෙට්‍රෝ නගරයේ ජනාකීර්ණ ප්‍රදේශවල එම ස්ථාන පිහිටා ඇත. රාත්‍රී සමාජ ශාලා සහ අවන්හල් ඊට ඇතුළත් වේ.
නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා මුලින්ම පැනවූ සීමා දකුණු කොරියාව තුළ තවමත් ක්‍රියාත්මක වේ.
මේ වනවිට ඒවායේ දෙවැනි අදියර ක්‍රියාත්මක වන අතර සමාජ දුරස්ථභාවයට අදාළ දෙවැනි අදියරේ සීමා ක්‍රියාත්මක වේ. ඒ අනුව ගෘහස්ත කටයුත්තකට එක්විය පුද්ගලයන්ගේ උපරිම ගණන 50කි. එළිමහන් ඉසව්වකට එක් කරගත හැක්කේ 100ක් වන අතර ක්‍රීඩා ඉසවු යනාදිය තවමත් තහනම් ය.
මෙම නව ක්‍රියාමාර්ග සැප්තැම්බර් 28 වැනිදා සිට ඔක්තෝබර් 11 වැනිදා දක්වා ක්‍රියාත්මක වේ.
ඒ.එෆ්.පී./රොයිටර්
055
2025 නොවැම්බර් මස 17
24
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
872
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2507
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
කොරෝනා පාලනයට කොරියාවේ දැඩි සීමා