IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


කොරෝනා ගැන සොයන්න පර්යේෂණ කණ්ඩායම චීනයට යයි



කොවිඩ්-19 රෝගයේ මූලාරම්භය පිළිබඳ විමර්ශන ආරම්භ කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විද්වතුන් කණ්ඩයමක් චීනයේ වුහාන් නගරය වෙත ගොස් තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානය හා චින රජය අතර මාස ගනනක සාකච්ඡා වලින් පසු මෙම පරීක්ෂණය සඳහා චීනය ඒකඟ විය.

විද්‍යාඥයින් 10 දෙනකු චීනය වෙත ගොස් සිටින අතර පර්යේෂණ ආයතන, රෝහල් සහ මුහුදු ආහාර වෙළඳපොලේ පුද්ගලයන් සමග සාකච්ඡා කිරීමට සැලසුම්කර ඇති බව ඔවුහු පවසති. කෙසේවුවද චීන බලධාරීන් විසින් සපයන සාම්පල සහ සාක්ෂි මත පර්යේෂණය රඳා පවතින බව පැවසේ.

පර්යේෂණ ආරම්භ කිරීමට පෙර ඔවුන් සති දෙකක් නිරෝධායනය විය යුතුව ඇත.

පර්යේෂණ කණ්ඩායමේ නායක පීටර් බෙන් ඒම්බරෙක් සංචාරයට පෙරාතුව ඒ්ඒෆ්පී ප්‍රවෘත්ති ඒ්ජන්සියට පවසා ඇත්තේ,

“මෙම මූලික මෙහෙයුමේදී අපට පැහැදිලි සාක්ෂි ලැබෙනු ඇතැයි මම නොසිතමි. නමුත් අපගේ කාර්යය දිගටම කරගෙන යන්නෙමු. සිදුවූයේ කුමක්ද යන්න ගැන පූර්ණ අවබෝධයක් ලබාගැනීම මෙහි අරමුණයි.” යනුවෙනි.

වුහාන් යනු පළමු වරට කොරෝනා පොකුර හඳුනාගත් ස්ථානය වුවද වෛරසය ඇතිවූ ස්ථානය නොවන බවට චීනය දිගින් දිගටම කියා සිටියේය.

(බීබීසී ඇසුරිණි)

085



අදහස් (0)

කොරෝනා ගැන සොයන්න පර්යේෂණ කණ්ඩායම චීනයට යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 38 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 126 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site