ඊජිප්තුවේ කයිරෝ අගනුවර පිපිරීමකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මියගොස් තවත් තායි සිසුවකු ඇතුළු සිවිල් වැසියන් තිදෙනෙකු තුවාල ලබා ඇති බව අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කරයි.

 
සටන්කාමියකු විසින් ගෙනයන ලද පුපුරණ ද්‍රව්‍ය  පුපුරා යාමෙන් මෙම අනතුර සිදු වී ඇති අතර ප්‍රහායෙන් සැකකරුවා ද මිය ගොස් ඇත. 
 
කයිරෝ  නුවර බටහිර ප්‍රදේශයේදී පොලිස් මුල සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්සහ කළ සැකකරු ආරක්ෂක හමුදාව විසින් ලුහුබැද ඇති අතර එහිදී සැකකරු ළඟ තිබූ පුපුරණ ද්‍රව්‍ය වලින් එකක් පුපුරා ගොස් ඇත. 
 
කයිරෝ ඉපැරණි ඉස්ලාමීය දිස්ත්‍රික්කයේ අල් අෂාර් මුස්ලිම් පල්ලියට ආසන්නයේ දී මෙම පිපිරීම සිදු වී ඇති අතර මෙම ප්‍රදේශ වෙළඳපොළවල් පිහිටා ඇති ජනප්‍රිය සංචාරක ප්‍රදේශයක් වේ.  
 
සැකකරු 37 හැවිරිදි අල් හසාන් අබ්දුල්ලා යන පුද්ගලයෙක් බව හදුනාගෙන ඇත. 
 
(63226)
 
රොයිටර් ඇසුරෙනි