ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්, උතුරු කොරියාවේ නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇතැයි වාර්තා වේ.
උතුරු කොරියාව කිසිදු අවස්ථාවකදී කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය හෝ ඔහුගේ වයස නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත.

2014 වසරේ ජනවාරි 8 වැනිදා උතුරු කොරියාවේ ප්යොන්ග්යැන්ග්හිදී පැවැති ප්‍රදර්ශනාත්මක පැසිපන්දු තරගයකදී ‘චිකාගෝ බුල්ස්’ කණ්ඩායමේ සුපිරි තරුවක් වූ ඩෙනිස් රොඞ්මන් උතුරු කොරියානු නායකයාට උපන් දින සුබ පැතුම් එක් කළේය.
ඇමෙරිකානු ජනාධිපතිවරයා උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනය වෙනුවෙන් සුබ පැතුම් එක් කර ඇති ප්‍රකාශ කළේ දකුණු කොරියාවය.

ඇමෙරිකා එක්සත් ජනපද භාණ්ඩාගාරය සතු ලේඛනයට අනුව කිම් ජොන්ග් උන් උපත ලබා ඇත්තේ 1984 වසරේ ජනවාරි 8 වැනිදාය. ඒ අනුව ඔහුගේ වයස අවුරුදු 36කි. කෙසේ නමුත් ඔහුගේ වයස ඊට අවුරුද්දක් හෝ වැඩි හෝ බව පැවසේ.
දකුණු කොරියාවේ ජාතික ආරක්ෂක උපදේශක චන්ග් ඉයු යොන්ග් වොෂින්ටන් නුවරදී ඉකුත් දා (8) ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් මුණගැසී තිබේ. එදින උතුරු කොරියානු නායකයාගේ උපන්දිනය යැයි ඇමෙරිකානු ජනාධිපතිවරයා පවසා ඇත.
“ජනාධිපති ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ උපන්දිනයට සුබ පැතුම් එක් කළා. ඒ බව ඔහුට දැනුම් දෙන්නැයි ජනාධිපති මූන්ට කීවා” යැයි චන්ග් මාධ්‍යවේදීන් හමුවේ පැවැසීය. හෙතෙම ඒ බව සඳහන් කළේ සෝල් අගනුවරදී අද (10) පැවැති මාධ්‍ය හමුවකදීය.
ඒ.එෆ්.පී.
055

2025 දෙසැම්බර් මස 18
673
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කිම් ජොන්ගේ උපන් දිනයට ට්‍රම්ප්ගෙන් සුබ පැතුම්