කැමරූන් රාජ්‍යයේ බටහිර කඳුකර පෙදෙස්වල සිදුවූ නායයෑම් වලින් 42දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ. 
 
පසුගිය දින කිහිපයේ ඇතිවූ අධික වර්ෂාපතනය හේතුවෙන් මෙම තත්ත්වය ඇතිවූ බව කාළගුණ අංශ සඳහන් කරයි.
 
බැෆොවුසම් නගරයට දැඩි හානි සිදුවී ඇති බවත්, ගොඩනැගිලි කඩාවැටීම් හේතුවෙන් බොහෝ පිරිස් මියගොස් ඇති බවත් සඳහන් වේ. මියගිය අය අතර දරුවන් 26දෙනකු සිටින බව බලධාරීහු පවසති.
 
සුන්බුන් අතර සිරවී සිටින පිරිස් සොයා මුදවාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකව ඇති අතර මියගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යෑමට ඉඩ ඇතැයි ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කරති.
 
 (රොයිටර් පුවත් ඇසුරිණි - 085)