ඇෆ්ගනිස්තානයේ කාබුල් නුවර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ නිවසකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පස් දෙනකු මිය ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ප්‍රහාරයේ වගකීම තලේබාන් ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇත.
ප්‍රහාරය එල්ල වී ඇත්තේ හෙල්මන්ඩ්හී පාර්ලිමේන්තු මන්ත්‍රී මිර් වලිගේ නිවසට වන අතර ඉන් ඔහු බේරී ඇති නමුත් ඔහුගේ මුණුබුරන් දෙදෙනකු මිය ගොස් ඇත.
ත්‍රස්තවාදීන් තුන් දෙනකු වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර බෝම්බ ප්‍රහාරයක් ද එල්ල වී ඇත.
ප්‍රහාරයෙන් කන්දහාර්හී පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ඔබයිදුල්ලා බරික්සාර්ගේ පුතකු(25) මිය ගොස් ඇතැයි වාර්තා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd