කාබුල්හිදීය (රොයිටර්ස්)
ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවරට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් 50කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට බලධාරිහු පැවැසූහ.
ප්‍රහාරයෙන් 70කට වැඩි පිරිසක් තුවාල ලබා ඇතැයි මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇෆ්ගන් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශයකු වන නජීබ් දනීෂ් කීය.
“මහම්මද්තුමාගේ ඡන්ම දිනය සැමරීම සඳහා ඉස්ලාම් ආගමික විද්වතුන් උත්සව ශාලාවකට රැස්ව සිටියා. මරාගනෙ මැරෙන බෝම්බකරු ශාලාවට ඇතුළු බෝම්බය පුපුරුවා ගත්තා” යැයි හෙතෙම කීය.
කිසිවකුත් මේ වනතෙක් ප්‍රහාරයේ වගකීම බාරගෙන නොමැත.
055/085

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd