ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර ගුවන්තොටුපළ ආසන්නයේ පිපුරුම් හඬක් ඇසුණු බව ‘ද හින්දු‘ වෙබ් අඩවිය වාර්තා කරයි.

මීට සුළු මොහොතකට පෙර පිපුරුම් හඬ ඇසුණු බවත් හදිසි තත්ත්වය සම්බන්ධයෙන් වැඩිදුර වාර්තා ලැබී නැති බවත් පසුගිය සතියේ මරාගෙන මැරෙන බෝම්බකරුවකු බෝම්බයක් පුපුරුවා ගත් ස්ථානයට නුදුරින් එම හඬ ඇසී ඇති බවත් එරට පොලිසිය කියයි. එම මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් එක් අයකු මියගොස් 33 දෙනකු තුවාල ලැබූහ.