IMG-LOGO

කැබ්රිය හිමිකරු කට වරද්දා ගනී

පදික වේදිකාවට අලූතින් සිමෙන්ති ඇතිරීමට බාධා වන අයුරින් ගාල් කර තිබූ කැබ් රියක් එහි හිමිකරුවා සමග ඇතිවූ බහින්බස් වීමකින් පසුව සිමෙන්ති යොදා පදික වේදිකාවටම ‘‘සවිකර‘‘ යාමට බ‍්‍රසීලයේ කම්කරුවන් පිරිසක් ක්‍රියා කළහ..

වාර්තා වන ආකාරයට මෙම රියේ හිමිකරු වසර ගණනක සිට මෙම ස්ථානයේ තම රථය ගාල් කිරීමට පුරුදුව සිට ඇති අතර කම්කරුවන්ගේ ඉල්ලීම පරිදි එය මදකටවත් ඉවත් කර ගැනීමට කැමැත්ත පළ කර නොමැත.

මෙනිසා කෝපයට පත්ව ඇති කම්කරුවන් පිරිස කර ඇත්තේ කැබ් රියත් පදික වේදිකාවටම ඇලී සිටින සේ බදාම යොදා පදික වේදිකාව පිළිසකර කිරීමය.

මෙය සැළවූ බළධාරීන් කැබ්රිය ඇදගෙන යාමට පැමිණ ඇතත් ඔවුන් පැමිණි පසු දැකගත හැකිව තිබෙන්නේ ක්ෂණිකව ඝන වන බදාම වර්ගයක් භාවිතා කර ඇති හෙයින් කැබ් රිය හෙල්ලීමටවත් නොහැකි වන අයුරින් පදික වේදිකාව හා බැඳී තිබෙන අයුරුයි.

 



අදහස් (0)

කැබ්රිය හිමිකරු කට වරද්දා ගනී

ආරියසේන Monday, 16 December 2013 10:25 PM

කැබ්රිය අයිතිකරුට දීපු දඬුවම් නම් හොඳයි. කවදාවත් අමතක නොවන්න හොඳ දඬුවමක්.ර ථ වහාන පරිහරණය කරන්නන්ට හොඳ ආදර්ශයක්. (නදී)

:       0       0

ප්‍රේම්දාස් Tuesday, 17 December 2013 04:00 PM

ජයතිලක කම්කරුවන්ට දොස් කීම වැරැදියි (දිල්)

:       0       0

මදූ Tuesday, 17 December 2013 04:09 PM

අපේ මිනිස්සුන්ට වාහන තිබුනට මොළේ නැහැ.(නදී)

:       0       0

ගුනේ Tuesday, 17 December 2013 04:12 PM

119 කතා කරලා කිව්වා නම් හරිනේ වාහනය ඉවත් කරලා දෙන්න කියලා.(නදී)

:       0       0

විරාජ් කාලිංග Monday, 16 December 2013 11:53 PM

හොද වැඩේ උනේ ,ඔය වගේ අය කොතැනත් ඉන්නවා (අ)

:       0       0

ගමගේ Wednesday, 18 December 2013 11:31 AM

නියම වැඩක්.(නදී)

:       0       0

සහන් Tuesday, 17 December 2013 01:33 AM

මෙය හොද දඩුවමක් තමයි, නමුත් පාර හදන අය නීති ගරුක විය යුතුයි. (අ)

:       0       0

ලාල් කැන්ඩි Tuesday, 17 December 2013 02:56 AM

මේ බදාම වර්ගය අපේ රටට නම් හොදට ගැලපෙනවා. පාරවල් හදන්න යොදාගන්න පුළුවන්. (නදී)

:       0       0

අසීස් Tuesday, 17 December 2013 06:22 PM

ජයතිලක ඔයා හරි, කම්කරුවන් නීතිය අතට අරන් වගෙයි. ඒත් කෑබ් එකේ අයිතිකාරයා ලොක්කෙක් නම් පොලිසියට කතා කරලා වෑඩක් නෑ. ඒක නිසා වෙන්ඩ ඕනේ මේ වගේ වෑඩක් කරන්න ඇත්තේ.(නදී)

:       0       0

සත්‍යයා Tuesday, 17 December 2013 06:52 AM

අපේ රටේ කම්කරුවන්ගේ ජීවය ඊනියා මාක්ස්වාදීන් විනාශ කර දමා ඇති නිසා මෙවැනි එඩිතර වැඩක් ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්න බැහැ. වැඩේ නම් නියමයි! (නදී)

:       0       0

පල් Tuesday, 17 December 2013 07:07 PM

බ්‍රසීලයේ එහෙම උනාට අපේ රටේ එහෙම වෙන්නේ නැහැ (අ)

:       0       0

තේෂාන් Tuesday, 17 December 2013 08:04 AM

නියමයි, මේ විදිහට ලංකාවේ ඉන්න සම- හරක් රියදුරන්ට, ( විශේෂයෙන්ම ලොක්කන්ගේ ලොකු වාහන එලවන ඔලුව ඉදුමුන රියදුරන්ට) මේ වගේ දඬුවම් දෙන්න ඕනා.(නදී)

:       0       0

ගමගේ ඩික්ෂන් Wednesday, 18 December 2013 01:27 PM

කම්කරුවන් දීපු දඩුවම නම් නියමයි! (නදී)

:       0       0

ඩික්සන් Wednesday, 18 December 2013 01:40 PM

කම්කරුවන් දීපු දඩුවම නම් හරිම ශෝක් නපුරු මිනිසුන්ට මෙවැනි දඩුවම් ලැබිය යුතුයි නේද ? (නදී).

:       0       0

චරිත සමීර ගුණසිංහ Tuesday, 17 December 2013 08:58 AM

මරු වැඩක්නේ.(නදී)

:       0       0

ජයතිලක Tuesday, 17 December 2013 09:49 AM

මගේ අදහස නම් කම්කරුවන් නීතිය අතට අරගෙන. ඔවුන්ට තිබුනා පොලිසිය කැදවා වාහනය අයින් කීරීමට. නීතිය හරියට ක්‍රියාත්මක නොවන,දුෂණයෙන් පිරුණු බ්‍රසීලයේ වගේ රටක මෙවැනි දේවල් පුදුමයකට කරුනකුත් නෙවෙයි බලන් ගියහම.(නදී)

:       0       0

සරත් Wednesday, 18 December 2013 03:20 PM

පින්තුරය බලපුවහමනම් පෙනෙන්නේ බ්‍රසීලය නොවේ ඉන්දියාව වගේ. දැන් අපේ රටේ පාරවල් මීට වඩා කොයි තරම් ලස්සනද?(නදී)

:       0       0

හර්ෂ Tuesday, 17 December 2013 11:24 AM

නියම වැඩේ.(නදී)

:       0       0

සුරේෂ් වික්‍රමසිංහ Tuesday, 17 December 2013 11:42 AM

නියමයි! (නදී)

:       0       0

වරුණ Tuesday, 17 December 2013 12:24 PM

ජයතිලක, මේ වගේ දඬුවම් දෙන්න ඕන දේශපාලුවන්ගේ වාහන එලවන රියදුරන්ට. (නදී)

:       0       0

ජෝන් Tuesday, 17 December 2013 12:54 PM

නියම වැඩක් ලංකාවේ ලොක්කන්ට හොඳ ආදර්ශයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 258 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 783 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1203 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site