IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කපිතාන්ලා නැති නැව් අනාගතයේදී

කි‍්‍රයාත්මක කිරීමට කපිතාන්වරුන් අවශ්‍ය නොවන නාවික ප‍්‍රහාරක යාත‍්‍රා නුදුරේදීම සිය නාවික හමුදා බළඇණි වලට එක්කර ගැනීමට ඇමරිකාව හා බි‍්‍රතාන්‍යය සැළැසුම් කරයි.

මේ යාත‍්‍රා සැගවී පහර දෙන ගණයට වැටේ.එනම් සතුරාට නොදැනෙන සේ කිට්ටු වී ප‍්‍රහාර එල්ල කිරීමට හැකිය.යාත‍්‍රාව හැසිරවීමට එහි කිසිවෙකුත් සිටීම අවශ්‍ය නොවන අතර ඒ සියල්ල සිදුකෙරෙනුයේ බොහෝ දුර පිහිටි දුරස්ථ පාලක මධ්‍යස්ථානයකිනි.යාත‍්‍රවේ සවිකර ඇති

කැමරා වලින් ලැබෙන දර්ශන දුරස්ථ පාලක මධ්‍යස්ථානයට සම්පේ‍්‍රෂණය කෙරෙන අතර ඒවා ආධාරයෙන් යාත‍්‍රාවේ ගමන තීරණය කිරීමට දුරස්ථ පාලක මධ්‍යස්ථානයේ සිටින්නාට හැකියැයි මේ කැමරා අදුරේදී පවා පැහැදිලි දර්ශන ලබාදීමට සමත්ය.තුවක්කුවක්,දැල් විදිනයක්,ගිනි විදිනයක් ආදී අවි වලින්ද යාත‍්‍රාව සන්නද්ධය.සතුරු යාත‍්‍රා හමුවේ මේ අවි කි‍්‍රයාත්මක කිරීමද දුරස්ථ පාලක මධ්‍යස්ථානයේ සිටම කළ හැක.සතුරු යාත‍්‍රාවල රේඩාර් පද්දතීන්ගෙන් මෙවන් යාත‍්‍රාවක් හදුනාගනු ඇතැයි බිය විය යුතු නැත.ඒ රේඩාර් තරංග වලට හදුනාගත හැකි නොවන සේ යාත‍්‍රාව නිපදවා ඇති බැවිනි.

අශ්ව බල 500 ක එන්ජින් දෙකකිම් මේ යාත‍්‍රාවක් ජව ගැන්වේ.අඩු වේගයකින් ධාවනය කරන්නේ නම් දින 10 ක් පමණ නැවත ඉන්ධන පිරවීමකින් තොරව මෙහෙයුම් කටයුතු සදහා යොදා ගත හැකි බව නිර්මාපකයන් කියයි.මෙවැනි යාත‍්‍රා මොඩල කිීපයක්ම නිපදවා ඇති අතර ඒවා නිපදවීමට වැයවන මුදල පවුම් ලක්ෂ 2 සිට පවුම් ලක්ෂ 20 අතර වන බව සදහන්ය.

යාත‍්‍රාව කි‍්‍රයාත්මක කිරීමට කිසිවෙකුත් එහි සිටීම අවශ්‍ය නොවන බැවින් මෙහෙයුම් වලදී මේ යාත‍්‍රාව බොහෝ ප‍්‍රයෝජනවත් වනු ඇතැයි ආරක්ෂක විශේෂඥයන් මත පළ කරයි.සතුරාට පහරදීමට පමණක් නොව දිවි බේරා ගැනීමේ මෙහෙයුම්,ප‍්‍රවාහන මෙහෙයුම් සදහාද මේ යාත‍්‍රාව භාවිතා කළ හැකි වනු ඇතැයි ඔවුන් කියයි.



අදහස් (0)

කපිතාන්ලා නැති නැව් අනාගතයේදී

නන්දන Sunday, 19 May 2013 01:35 PM

ශා මරුනේ... ඕවා හදලාවත් මේ ලෝකෙට හුනියමක්ව ඇති තලෙබාන්ලා ටික අතුගාලා දෙන්න. (නි)

:       0       0

මාධව Sunday, 19 May 2013 02:15 PM

දියුණුව කියන්නේ මේක

:       0       0

රංජනී Sunday, 19 May 2013 03:06 PM

කපිතාන්ලා නැති නැවක් හරියට මනමාලි නැති මගුලක් වගේ හිටීවි. (නි)

:       0       0

ෆර්සාන් Sunday, 19 May 2013 04:59 PM

මෙයින් දහයක් පහලොවක් ගන්න ඔනේ අපේ සංවිධානයට, සේනාව ආයුධ ගත්තායින් පස්සේ ප්‍රතිප්‍රහාර දෙන්න එපැයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 553 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 489 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site