අපි‍්‍රකා රාජ්‍යයක් වන කෙන්යාවේ පසුගියදා පැවැති ජනපතිවරණයෙන් තියුණු ජයක් හිමිකර ගැනීමට උප අගමැති ධුරයේ සිටි  51 හැවිරිදි උහුරු කෙන්යාටා සමත් විය.
අවසන් ඡන්ද ප‍්‍රතිඵලවලින් පෙනී ගියේ කෙන්යාටාට සියයට 50 ක ඡුන්ද ප‍්‍රතිශතයක් හිමි කර ගැනීමට හැකි වූ බවය. ඉකුත් 4 වැනිදා ප‍්‍රචණ්ඩ කි‍්‍රයා මැද පැවැති එම ජනපතිවරණයට අපේක්ෂකයන් කිහිප දෙනකු ඉදිරිපත් වූ නමුත් සටන පැවැතියේ උප අගමැති කෙන්යාටා සහ හිටපු අගමැති 68 හැවිරිදි රයිලා ඔඩින්ගා අතරේය.
කෙන්යාවේ ධනවත්ම පුද්ගලයා උහුරු කෙන්යාටාය. 
2007 වසරේ පැවැති ජනපතිවරණයේ දී සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් සිවිල් වැසියෝ 1,100 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 
එම ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලට කෙන්යාටා සම්බන්ධ යැයි චෝදනා එල්ල වී ඇත. 
මේ වනවිට එක්සත් ජාතීන්ගේ අපරාධ අධිකරණය කෙන්යාටාට එරෙහිව මානව වර්ගයාට එරෙහි අපරාධ කළැයි චෝදනා එල්ල කර ඇත.