කැනඩාවේ නව අගමැති ජස්ටින් ට්රුඩෝ තම ආරක්ෂක ඇමැති වශයෙන් තෝරාගෙන ඇත්තේ එරට  පුරවැසිභාවය ලබා කැනඩාවේ හැදී වැඩි පසුව කැනඩා  පොලිස් සේවයේ සහ යුද හමුදාවේ සේවය වෙනුවෙන් ගෞරව බුහුමානයට ලක්වූ ඉන්දිය ජාතික හර්ජිත් සිං සජාන්ය.

1970 වේදී ඉන්දියාවේ උපත ලද ඔහු කැනඩාවට පැමිණියේ වයස අවුරුදු පහේදිය. වැන්කුවර්හි ජීවත්වූ ඔහු මුලික අධ්‍යාපනය අවසන් කළ පසු කැනඩා පොලිස් සේවයට බැඳී රහස් පරීක්ෂකයකු ලෙස කටයුතු කර ඇත. 1989 දී ඔහු කැනඩා යුද හමුදාවට බැඳී ඇත. යුද හමුදාවේ සේවය කළ කාල වකවානුව තුළ ඔහු බොස්නියාව සහ ඇෆ්ගනිස්ථානය ඇතුළු විදේශ සටන් පෙරමුණු කිහිපයකම එක්සත් ජාතීන්ගේ හමුදා සේවයෙහි කටයුතු කර ඇත්තෙකි. කැනඩා  හමුදාව තුළ ඔහු දැක්වූ රණශුරත්වය හේතුවෙන් 2011 දී ඔහු බ්‍රිටිෂ් කොලොම්බියා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරී තනතුරට පත්කරනු ලැබිය.

කැනඩා  යුද හමුදාවේ එවන් වගකිව යුතු තනතුරක් සඳහා උසස් වීමක් ලද ප්‍රථම ඉන්දියා ජාතිකයා වීමේ ගෞරවය හිමිවන්නේද ඔහුටය.

ඔක්තෝබර් මාසයේ පැවැත්වුණ මහ මැතිවරණයේදී වැන්කුවර් දකුණ මැතිවරණ කොට්ඨාසය සඳහා ලිබරල් පක්ෂයෙන් තරඟකොට ජයග්‍රහණය කළ ඔහු  නොවැම්බර් 4   නව රජයේ ආරක්ෂක ඇමති වශයෙන් දිවුරුම් දුන්නේය.

කැනඩාවේ නව ආරක්ෂක ඇමැති ලෙස දැවැන්ත වගකීමක් තමන් වෙත පැවරෙන බව පැවසු ඔහු  තම රටේ ආරක්ෂාව උපරිම මට්ටමෙන් රැකගැනිම, නවීන මාදිලියේ එෆ් 35 ප්‍රහාරක ජෙට් යානාවක් නිර්මාණය කිරීම සඳහා ඇමෙරිකාව සමඟ කැනඩා රජය ඇතිකර ගත් ඇති සහයෝගිතා සම්මුතියෙන් ඉවත්වීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීම, කැනේඩියා  හමුදාවන්හි සේවය කරන භටයින් වෙත එල්ලවී ඇති බරපතල ලිංගික විෂමාචාර චෝදනා පිළිබඳව සොයාබලා එවැනි ක්‍රියාදාමයන් සිදුවීම වැළැක්වීම සඳහා පියවර ගැනීම සහ යුදමය වාතාවරණයක් ඇති විදෙස් රටවල සේවය සඳහා යොදවා ඇති කැනේඩියා සේනාංක හැකි ඉක්මනින් ආපසු ගෙන්වා ගැනීම සඳහා පියවර ගැනීම ප්‍රමුඛ වන බවද කිවේය.

Harjit_Sajjan2[1] harjit-sajjan-2014[1] harjit-sajjan-and-family[1]