IMG-LOGO

2025 ඔක්තෝබර් මස 19 වන ඉරිදා


කතුන්ට එළවළු පලතුරු පිහිට ලැබේ

එළවලු සහ පලතුරු ආහාරයට ගැනීම මගින් හෘදයාබාධ වැලඳීමෙන් වැළකී සිටිය හැකි බව ඇමරිකානු පර්යේෂකයන් විසින් කරණ ලද අධ්‍යනයකින් තහවුරු කර ගෙන ඇත. මෙම අධ්‍යනය සඳහා 2500 කට වඩා පිරිසක් යොදාගෙන තිබේ. මෙලෙස හෘදයාබාද වලින් වැළකීමට එළවලු හා පලතුරු ආහාරයට ගැනීමේ ප්‍රතිඵලයක් ඇත්තේ ස්ත්‍රීන්ට පමණක් බවත් ඊට හේතුව තවමත් සොයාගෙන නොමැති බවත් පර්යේෂකයෝ කියති.

තරුණ කාන්තාවන් පෝෂ්‍යදායි සෞඛ්‍යාරක්ෂිත  ආහාර ගන්නා කාන්තාවන් හා  සමතුලිත ආහාර නොගන්නා අය හා සැසඳීමේදි  ධමනි අවහිරවීමේ තත්වයෙන් වළකින බව  සොයාගෙන ඇත. ධමනි අවහිර වීම හෘදයාබාධ හා ආඝාතය ඇතිවීමට ප්‍රධානම හේතුව බව වෛද්‍ය මතයයි. ව්‍යායාම අඩුකම හා  දුම්පානය ධමනි අවහිර වීම තීව්‍ර කරයි.

මීට කලින් කරණ ලද පර්යේෂණයකින් පලතුරු සහ එළවළු වැඩිපුර ආහාරයට ගන්නා  මැදිවියේ පසුවන්නන් හෘදයාබාධ වැළඳීමේ අවධානම මුහුණ දීම අඩුබව සොයාගෙන තිබූ අතර තරුණ අය සම්බන්ධයෙන් මෙම තත්වය පිළිබඳ නිශ්චිත පිලිතුරක් ලැබි නොතිබුනි.

වයස විසි ගණන් වල පසුවන කාන්තාවන් සම්බන්ධයෙන් පර්යේෂකයන් පවසන්නේ දිනකට එක් අයෙකු සාමාන්‍යයෙන් ආහාරයට ගන්නා එළවලු සහ පලතුරු මෙන් නවගුණයක්  ආහාරයට ගත් අයගේ ධමනි අවහිරවීමේ ප්‍රවනතාවය එනම් කිරීට ධමනි චූර්නිභවනය  සියයට 40කින් අඩුවු බවයි. මෙම අධ්‍යනය මගින් තරුණ අයගේ  වර්තමාන ආහාර පුරුදු ගැන පවා සැලකිල්ලට ‍ගෙන තිබේ.

මයිනෙපොලිස් හෘද විද්‍යායතනයේ වෛද්‍ය මයිකල් මයිඩෙමා පවසන්නේ වෙනත් අධ්‍යනයන් කිපයකින්ම යෝජනා කර ඇත්තේ පලතුරු සහ එළවලුවලින් පිරිමින්ට අඩු ආරක්ෂාවක් ලැබෙන බවයි. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සාර්ථක වු  ජීව විද්‍යාත්මක හේතු සාධක අඩු බව ද හෙතෙම පවසයි.

තවද ජීවන පිලිවෙතේ චර්යාව එනම් හෘදයට හිතකර ආහාර ගැනීම හෘද වාහිනී රෝග වැලැක්වීමේ මූළික පදනම බවත් අපි දැනගත යුතුය.



අදහස් (0)

කතුන්ට එළවළු පලතුරු පිහිට ලැබේ

අසෝකා Saturday, 05 April 2014 01:45 PM

මේ ඇමරිකන් කට්ටිය මේවා හොයාගන්න බොහොම කලින් අපේ මුතුන් මිත්තෝ මේවා ගැන මතු පරම්පරාව දැනුවත් කලේ. එත් අපේ තියෙන අවාසනාවට සමහරු පිටරටවලින් එන ඔලුවේ කැක්කුමත් ස්ටයිල් එකක් කියල බාරගන්නකොට,අනිත් පැත්තෙන්අධ්‍යාපනය වහල් කමට දාලා ගුරුවරු පින් පඩි අරන් උදේ ඉදන් මහ රෑ වෙනකම් ළමයි ටියුෂන් යද්දි දැන් ළමයි වත්තේ තියෙන ගස්කොලන්වත් අදුරන්නේ නැතිකොට මේවා ලොකුදෙවල් තමයි. (දී)

:       0       0

කෝසල Sunday, 06 April 2014 07:35 AM

ඔය එක එක රටවල සුද්දෝ මේවා හොයාගන්න බොහොම පෙරයි අපේ මුතුන්මිත්තෝ මේවා ගැන මතු පරම්පරාව දැනුවත් කළේ (නි)

:       0       0

රණතුංග Saturday, 05 April 2014 07:28 AM

අපේ රටේ කාන්තාවෝ කඩේ විකුනන්න තියෙන පලතුරු කෑවොත් නම් තියෙන හදවත් රෝග අඩුවීම කෙසේ වෙතත්, අනිවාර්යෙන්ම වැඩි කර ගනියි . මොකද හේතුව ඒවා කල් තියා ගැනීමට,ඉදවීමට ගහන වස විස නිසා. (ස)

:       0       0

රණා Monday, 07 April 2014 12:35 AM

හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1044 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1078 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 416 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site