නැගෙනහිර වියට්නාමයේ ඇතිවූ කුණාටුවකින් පුද්ගලයන් හත් දෙනකු මිය ගොස් දෙදෙනකු අතුරුදන්ව ඇති බවත් තවත් අට දෙනකු පමණ තුවාල ලබා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
එරට ස්වභාවික ආපදා වැළැක්වීමේ හා පාලනය කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කරනුයේ ටයිපූන් තත්ත්වයක් එරට නැගෙනහිර කලාපයට ඇතිවී ඇති බවයි.
හායි පොන්ග් නගරයෙන් ටයිපූන් තත්ත්වය හටගෙන එය ක්‍රමයෙන් සුළඟත් සමග පැයට කිලෝ මීටර් 60- 90ත් අතර වේගයකින් වර්ධනය වී ඇතැයි කියති.
මේ හේතුවෙන් වියට්නාමයේ නැගෙනහිර කලාපයේ මාර්ගවලට පස් කඳු කඩා වැටීම්, ගංවතුර, නාය යාම් ආදී සිදුවීම් ගණනාවක් වාර්තා විය.
නිවාස 44ක් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවත් දැඩි සුළං හේතුවෙන් නිවාස 651ක වහළ විනාශවී ගොස් ඇති බවත් එරට වාර්තා කියයි. කුඹුරු හෙක්ටයාර 8843ක් මේ හේතුවෙන් විනාශවී ගොස් ඇත. කුඩා පාලම් 14ක් කැඩී බිඳී ගොස් ඇති බවද කියති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.