පසුගියදා කඩාවැටුණු බංග්ලාදේශයේ ඩකා නුවර පිහිටි මහල් අටකින් යුත් වෙළෙඳ සංකීර්ණයේ හිමිකරු ඊයේ(28) පොලිස් අත්අඩංගුවට පත්විය.
ගොඩනැගිල්ල කඩා වැටීමෙන් එහි සිටි 370කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. තවමත් සුන්බුන් අතර සිරවී සිටින පුද්ගලයන් සොයා අඛණ්ඩ මෙහෙයුම් සිදු කෙරේ. දිවි ගලවාගැනීමේ මෙහෙයුම්වලදී 50කට අධික පිරිසක් බේරා ගැනීමට හැකි විණැයි සහන සේවකයෝ පවසති.
අනාරක්ෂිත ලෙස නිසි ප්‍රමිතියකින් තොරව ගොඩනැගිලි ඉදි කර තිබීම එහි හිමිකරුට එල්ල වන චෝදනාවයි. එම චෝදනා යටතේ ඔහු අධිකරණය හමුවට පැමිණවීමට නියමිත බව ඩකා පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ඇඟලූම් කම්හල් හිමිකරු ඉන්දියාවට පැන යාමට සූදානමින් සිටි බව එරට නියෝජ්‍ය ස්වදේශ කටයුතු ඇමැති ෂම්සුල් හක් සඳහන් කරයි.
කම්හල් හිමිකරු අත්අඩංගුවට පත්ව ඇත්තේ ඉන්දීය - බංග්ලාදේශ දේශසීමාබදව පිහිටි බෙනපෝල් නගරයේදීය.
මේ අතර කඩාවැටුණු ගොඩනැගිල්ලේ පිහිටි කර්මාන්ත ශාලාවල හිමිකරුවන් තිදෙනෙක් පෙරේදා පොලිස් අත්අඩංගුවට පත්විය. සේවකයන්ගේ ජීවිත පිළිබඳව නොසැලකිලිවත්වීම ඔවුනට එල්ල වන මූලික චෝදනාවයි.
උතුරුදිග සර්බියාවේ දුම්රිය ස්ථානයක කොන්ක්‍රීට් වියනක් කඩා වැටීමෙන් 14 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මියගිය පිරිස අතරේ අවුරුදු 6 ක පොඩිත්තෙක් ද සිටී.
චීන විදේශ අමත්‍යාංශය මේ සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, ඉරානයේ ස්වෛරීත්වය උල්ලංගනය කරමින් සහ ඉරාන වැසියන්ට අනතුරක් වන අයුරින් කටයුත
අති නවීන තාක්ෂණය භාවිතයට ගනිමින්, ඊශ්‍රායලය විසින් නිර්මාණයට කරනු ලැබූ ලේසර් ආරක්ෂක පද්ධතියක් ලබන වසරේ සිට රටේ ආරක්ෂාව වෙනුවෙන් යෙදවෙනු ඇතැයි පැවැසෙ
ශිෂ්‍ය අරගලයෙන් පසු දේශපාලන අර්බුදයකට මුහුණ දුන් බංග්ලාදේශය මේ වනවිට විදුලි බල අර්බුදයකට ද මුහුණ පා සිටී. ඒ, බංග්ලාදේශයට විදුලිය ලබා දෙන, ඉන්දියාවේ අද
ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලී කමේනී, ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාවට ද අනතුරු ඇඟවීමක් කර ඇත. ඒ, ඊශ්‍රායලය ඇමෙරිකාවේ සහාය ඇතිව ඉරාන ඉලක්කවලට ප්‍රහාර එ
බ්‍රිතාන්‍යයේ විපක්ෂ දේශපාලන කණ්ඩායම වන්නේ කොන්සවර්ටිව් පක්ෂයයි. කොන්සවර්ටිව් පක්ෂයට නව නායකයකු තෝරා ගැනීම සිදුවුණු අතර, නායකත්වයට පත්වූයේ කළු ජාත
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කඩා වැටුණු ඇඟලූම් කම්හලේ හිමිකරු පොලිස් අත්අඩංගුවට
දයා අලහකොන් Monday, 29 April 2013 11:02 AM
මෙම අනතුරට වගකිවයුත්තෝ බොහෝ දෙනෙකු නීතිය යටතට හසුවීම හොද දෙයක්.(නදී)