18 හැවිරිදි දැරියක බල්ලකුට විවාහ කර දීමට නැගෙනහිර දිග ඉන්දියාවේ අති දුෂ්කර ප්‍රදේශයක පිහිටි ගම්මානයක වැසියෝ කටයුතු කළහ.
දැරියට බන්ධනයක් සිදුකර ඇතැයිද ඇය පිරිමියෙකු හා විවාහ වන්නේ නම් එය ගමට මෙන්ම ඇයගේ පවුලටත් අවාසනාව ගෙන එනු ඇතැයිද ගමේ යකදුරා පැවසූ හෙයින් මෙසේ ඇයව බල්ලකුට විවාහ කර දුන් බව ඔවුහු පැවසූහ.
කෙසේ නමුත් බන්ධනයේ බල බිදුණු පසු ඇයට නිසි පරිදි විවාහයක් සිදුකර ගත හැකි යැයිද යකදුරා පැවසූ බව ඇයගේ පියා සඳහන් කළේය.
මුන්ග්ලි මුන්ඩා නම් වූ මෙම දැරිය හා ඇයගේ ‘‘මනාලයා‘‘ වූ ෂේරු සාම්ප්‍රදායික ඇදුමින් පැළදුමින් සැරසී සිටිනු දැකගත හැකිවුනි.
මනාලයා තැති ගැන්මට පත්ව සිටින සෙයක් පෙනුනි.නමුත් ක්‍රමයෙන් ඔහු සන්සුන් විය.
උත්සවයේ අවසානභාගය වන විට මේ සිව්පා මනාලයා සිටියේ නිදාගෙනය.
මුන්ග්ලි මුන්ඩාට තවත් වසර කිහිපයක් යන තෙක් ෂේරුව හොදින් බලා කියාගෙන සිටීමට සිදුවනු ඇත.
ඕනෑම ගැහැණු ළමයෙකු මෙන් තමන්ගේද සිහිනය කවදා හෝ හොද ස්වාමිපුරුෂයෙකු ලබාගැනීම බව පවසන ඇය තමන්ට කර ඇති බන්ධනයේ බල බිදුණු විගසම ගැලපෙන පුරුෂයෙකු තෝරාගෙන විවාහ දිවියට එළැඹීමට අදිටන් කරගෙන සිටින්නීය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මලා තාත්තලා ඔක්කොම එකයි බලනකොට (නි)
මේ විසි එක්වෙනි සියවසේ මිනිස්සුද. (නදී)
ඉන්දියාවේ ඉන්නේ ගොන් තඩි (නදී) .
අනේ කාලේ වනේ වාසේ! (නි)
මේ වගේ මෝඩ වැඩ කරන මිනිස්සු තාමත් ඉන්න එකනේ පුදුමේ. (නි)
අපේ රටෙ නම් ගම්පහින් ඡන්දෙත් ඉල්ලලා පාර්ලිමේන්තුවටත් යන්න පුළුවන්. (අ)
ඉන්දියාවේ ඉන්නේ මෙහෙම මිනිස්සු තමයි. (ස)
නිර්මල බුදු දහම ප්‍රතික්ෂේප කරපු රටක්.ආටෝපයට හා හණමිටියට යටවුණ රටක්.ලෝකය ඉතා සුන්දර හෝ කෘෘර බවත්, අන්තයන් මිස මධ්‍යස්ථ ලෝකයක් නොදකින නොදැමුණු මිනිසුන්ගෙන් පිරි රටක්. එහෙව් රටක මේවා සුලු දේවල්. අප අනාගත පරපුර මේ රැල්ලෙන් බෙිරා ගැනීම අප රටෙි වගකීමයි. (ස)
අනේ මේ දරුවා ඉපදිලා ඉන්නේ වැරදි රටක. මේ කියන රටෙන් වැඩි හරියක් මෙහෙම තමයි . (ස)
මම ඉන්දියාවේ ගියොත් ගමට හෙන ගැහැව්වත් කමක් නෑ කියල, කෙල්ලව පන්නන් එනවා. (ස)
අනේ ඇත්තට මේ අයට පිස්සුද? (නි)
ඉන්දියාවේ ඉන්න සමහර අයට වඩා මේ සතුන් හොඳයි එක අතකට (නි)
අනේ මෙහෙමත් විකාර වැඩ? (නි)
අනේ! මම ඒ බල්ලා වුණා නම්.... (නි)
ඉන්දියාවේ මිනිස්සු මෙච්චර මෝඩද? (නි)
ලස්සන යුවතියක් .මේ තරම් ජිවිතයක් අවතක්සේරු කරනවද ? කෝ කාන්ත විමුක්ති සංවිධානා ? (අ)
අනේ! අපිත් බල්ලට නොවටිනා ගාණට වැටිලා දැන් (නි)
කාටද ආඩම්බර? (නි)
මෝඩ මිනිස්සුන්ගේ මෝඩ අදහස් (නදී)
යුරෝපයේ නම් මෙය සාමාන්‍ය දෙයක්. (නි)
අයියෝ පවු! (නි)
දැන් බල්ලා හදිස්සියේ මළොත් එහෙම මේ දැරිවියට සති පුජා කරන්නත් වේවි ද මන්දා.(නදී)
අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
බල්ලා නිදාගෙන ඉන්නේ මොකද දන්නෙ නැහැ. අනේ මෙහෙමත් විකාර වැඩ? (නි)
මෙහෙමත් ලෝකයක්? (නි)
සමහර බටහිර රටවල, නිලනොලත් ලෙස සුනඛයන් සමඟ විවාහ වූ කාන්තාවන් සිටින බව මා අසා තිබෙනවා (නි)
මෙහෙමත් හරක් ඉන්න රටක්. (නදී)
ඇහට කනට පේන නිසා කෙල්ලව අමාරුවේ දාලා ඉරිසියාවට කරපු වැඩක් (නදී)
මෙහෙමත් මිනිස්සු තාමත් ලෝකේ ඉන්න එක ගැන කණගාටුයි. ඉන්දියාවේ දියුණුව පේනවා. (නදී)
ළඟදීම අපේ රටටත් (නදී)
බල්ලට ගිය කසාද. මෙහෙමත් මෝඩ මිනිස්සු (නදී)
අනේ අම්මපා මෙහෙමත් මිනිස්සු! (නි)
මටත් පෙනෙන්නේ ගමේම ඇහැට කනට පෙනෙන කෙල්ලෙකුට ඉන්නේ මේ ළමයා විතරයි වගේ. ඊර්ෂ්‍යායාවට කරපු වැඩක්ද කෙහේද? (නි)
යකදුරාගෙන් කෙල්ලට ප්‍රවේශම් වෙන්න වේවි වගේ. මේක යකදුරාගේ උගුලක් නිසැකවම. (නදී)
අනිල් හරි. වටේ ඉන්න කව්රුත් මේ ගැහැණු ළමයා තරම් ඇහැට කනට පේන්නේ නැහැ. කෙල්ලගේ ජීවිතේ අපරාදේ (නදී)
අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු! (නි)
මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්! මොවුන් හඳටත් ගියා නේද? හඳ පෑයුවා සේ සමාන ඒ තරුණියගේ සිරියාව සහ ලස්සන... (නි)
අනේ මෙහෙමත් මිනිස්සු තවමත් ඉන්නවනේ! (නි)
චමින්ද, අපේ රටෙත් එහෙම අය ඇති. (නි)
දකුණු ආසියාවේ සුපිරි බලවතාගේ රට (නි)
තේරුම් ගන්න අමාරු මේ වගේ රටවල් අපේ පුංචි රටේ පාලනයටත් ඇඟිලි ගහන එකයි. අපේ රට පුංචි වුණත් සංස්කෘතිය දියුණු නිසා ඊර්ෂ්‍යාවට වෙන්න ඇති. (නි)