කොංගෝ රාජ්‍යයේ පාසල් දරු දැරියන් පිරිසක් හිටිහැටියේ එරට පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ඇතුළු වූ බව වාර්තා වේ. ඒ, එරට වැඩ වර්ජනයක නියැලි ගුරුවරුවන්ට සහාය දක්වමිනි.
අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝවේ ගුරුවරුන් ද වැටුප් අර්බුදවලට මුහුණ පා සිටින අතර, වැටුප් වැඩි කරන්නැයි දිගින් දිගටම රජයට බල කර ඇත. වැඩවර්ජනය ආරම්භ කර ඇත්තේ එයින් කිසිදු පලක් නොවූ බැවිනි.
පාසල් දරු දැරියන් පිරිස පාසල් නිල ඇදුම්වලින් පාර්ලිමේන්තුවට හිටිහැටියේ ඇතුළුවූයේ ගුරු වැටුප් වැඩි කරන්නැයි කොංගෝ රජයට බල කරමිනි. දරු දැරියන් පිරිසට විපක්ෂ දේශපාලනඥයන්ගේ සහාය ලැබුණු බව ද පැවැසෙයි.
(අල් ජසීරා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොංගෝවේ එහෙම කලත් - ලංකාවේ එහෙම වෙන්නෙ නෑ