කොංගෝ ජනරජයේ අගනුවර කිංෂාසාහි ඇති වූ දරුණු ගංවතුර තත්ත්වයක් හේතුවෙන් පුද්ගලයින් 39 දෙනෙකු මිය ගොස් තිබේ.

නිවාස කඩා වැටීම් ගස් කඩාවැටීම් සහ දියේ ගසාගෙන යාම හේතුවෙන් මෙම මරණ සිදුවී ඇතැයි බලධාරීහු පවසති.

තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගතකළ බවද මුදවාගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකව ඇති බවද රතු කුරුස සංවිධානය පවසයි.

කිංෂාසා නගරයේ මිලියන 12කට ආසන්න ජනගහනයක් ජීවත් වන අතර අවම යටිතල පහසුකම් හා දුර්වල සැලසුම් හේතුවෙන් ගංවතුර වැනි ස්වාභාවික විපත් වලදී දැඩි අලාභ හානි සිදුවීම අරුමයක් නොවන බව මාධ්‍ය සඳහන් කරයි.

 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)