IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයත් අද

 ඕස්ටේ‍්‍රලියානු මහ මැතිවරණය අද (7) පැවැත්වීමට නියමිත අතර පාලක කම්කරු පක්ෂයේ නායක අගමැති කෙවින් රුඞ්ට දිගටම බලයේ රැඳී සිටීමට ජනවරමක් හිමිවනු ඇතැයි ජනමත සමීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

ප‍්‍රධාන විපක්ෂ දේශපාලන කණ්ඩායම වන ලිබරල් පක්ෂයේ නායක ටෝනි ඇබොට්ට මෙවර ද පරාජය හිමිවනු ඇතැයි එම ජනමත සමීක්ෂණයෙන් පෙනී ගොස් ඇතැයි  ඕස්ටේ‍්‍රලියා මාධ්‍ය වාර්තා කර ඇත.

මැතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ලබන 14 වැනිදාය. ඒ, අගමැති ධුරයේ සිටි ජුලියා ගිලාඞ්ගේ තීරණයකට අනුවය. කම්කරු පක්ෂයේ නායිකාව ද වූ ඇයට මීට මාස කිහිපයකට පෙර පක්ෂ නායකත්වය අහිමි විය. ඒ, පක්ෂය අභ්‍යන්තරයේ හටගත් කුමන්ත‍්‍රණයක් නිසාය. කුමන්ත‍්‍රණය මෙහෙයවනු ලැබුවේ කෙවින් රුඞ් විසිනි. ගිලාඞ්ට අගමැති ධුරයත් පක්ෂ නායකත්වයත් අහිමි වූයේ ඇය රටේ ජනතාවගේත් පක්ෂ සාමාජිකයන්ගේත් අප‍්‍රසාදයට පත් වීම නිසාය.



අදහස් (0)

ඕස්ටේ‍්‍රලියා මහ මැතිවරණයත් අද

ටිරල් Saturday, 07 September 2013 05:39 PM

අගමැති රූඩ් පරාද වෙයිද? (නි)

:       0       0

ටිරල් Saturday, 07 September 2013 05:48 PM

රූඩ්ට මොනවා වෙයිද? (නි)

:       0       0

සෑම් Saturday, 07 September 2013 10:48 AM

මම නම් දන්නේ නැහැ මේ කියන ජනමත සමීක්ෂණය කලේ කව්ද කියලා. මම මේ ලියන්නේ ඕස්ට්‍රේලියාවේ වේලාවෙන් හවස 3.00 ට. තව පැය 3 කින් ඡන්දය ඉවර වෙනවා. අගමැති රඩ් බරපතල පරාජයකට මුහුණ දෙන බව මේ රටේ සියලුම සමීක්ෂණ වලින් තහවුරු වී දැන් මාස ගානක් වෙනවා. ඉහත ප්‍රවුර්තිය දැක්කම මට මතක් උනේ 1977 ලංකාවේ ඡන්දය දවසේ දිනමිණ ශීර්ෂ පාඨය "" එජාපය දැන් පැරදිලා "" (නදී)

:       0       0

මහගෙදර ඇඹිලිපිටිය Saturday, 07 September 2013 12:13 PM

රූඩ් නායකත්වය ගන්න දඟලල එක වතාවක් ඉල්ලන් කෑවා. ඊළඟ වතාවේ යම්තම් මොකක්දෝ ජිල්මාට් එකක් දාල නායක කම ගත්තා. හැබැයි මහත්තයෝ මේ පාර පරාද උනොත් නම් දේශපාලනෙන් සමුගන්නයි වෙන්නේ. මැන්ඩරින් බාෂාව කතා කලා විතරක් මදි. අනෙක් වැඩත් තියෙන්න ඕනි.(නදී)

:       0       0

ප්‍රියන්ත - මෙල්බොර්න් Saturday, 07 September 2013 09:44 PM

ඇත්තද? (නදී)

:       0       0

සුරේඛා Saturday, 07 September 2013 12:25 PM

ඇයි මේ බොරු කියන්නේ. මමත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. (නදී)

:       0       0

චමී Saturday, 07 September 2013 12:33 PM

හැම සමීක්ෂනයකින්ම රූඩ් පාරද වෙන බව කියනවා. මෙහෙ හැමෝම දන්නවා ඒක.(නදී)

:       0       0

සමන් Saturday, 07 September 2013 01:14 PM

අපෙත් චන්දයක් ලග ලගම එනවා (දී)

:       0       0

ටිරල් Saturday, 07 September 2013 01:24 PM

බොරු , අගමැති බරපතල පරාජයකට (දී)

:       0       0

ලක්ෂ්මන් කොඩිතුවක්කු Saturday, 07 September 2013 03:48 PM

මුලින්ම කෙවින් රුඩ් මහජන ඡන්දයෙන් දිනු නායකයෙක්. මේකේ කිසිම කුමන්ත්‍රණයක් නැහැ. ඔක්කොම සිද්දවෙනේ ප්‍රජාතන්ත්‍රවාදිව. ජනමත සමීක්ෂනවලින් කිව්වේ කෙවින් 47 ටෝනි 53.(නදී)

:       0       0

මහි Saturday, 07 September 2013 04:27 PM

ටෝනි එන එක හොදයි (නි)

:       0       0

චන්ද්‍රා Tuesday, 10 September 2013 06:19 AM

මහගෙදර, බොරු කියන්න එපා.කෙවින් මහජන ඡන්දයෙන් ආ නායකයෙක්. පක්ෂයේ සහ ජනතාවගේ නොකැමැත්ත නිසා තමා ජූලියට යන්න වුණේ. ආපහු රූඩ් ආවා.මේ රටවල ආපු එක බදාගෙන ඉන්නේ නැහැ.රටට සේවයක් කරනවා මිසක්. හැම දෙයක්ම ප්‍රජතාන්ත්‍රිකව කෙරුනා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30622 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12626 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10914 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 803 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 890 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site