ඉන්දියාවේ නිල සංචාරයක යෙදෙන  ඕස්ටේ‍්‍රලියානු අගමැතිනී ජුලියා ගිලාඞ් පෙරේදා (17) නවදිල්ලි අගනුවර මහත්මා ගාන්ධිතුමාගේ ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ගිය අවස්ථාවේ පය පැටැළී ඇද වැටුණාය. ආරක්ෂක නිලධාරීන් වහා ඇගේ උදවුවට පැමිණි අතර ඇයට බරපතළ තුවාලයක් සිදුනොවිණි. ඇයට සිදුවූ එම අකරතැබ්බ ඉන්දීය රූපවාහිනී නාලිකාවල සජීවීව විකාශය විය.