ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ තරඟ කිහිපයක් පැවැත්වෙන බ්‍රිස්බේන් ක්‍රීඩාංගණය පිහිටි ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ විරල ඝනයේ භූමිකම්පාවක් සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එය සිදුව අැත්තේ ඊඩ්ස්වෝල් නගරය ආසන්නයේය. අද උදෑසන සිදුවූ භූමිකම්පාව රිච්ටර් මාපකයේ 5.2ක අගයකින් සටහන්ව ඇති බවත් එහි කම්පනය කිලෝ මීටර සිය ගණනක් ඈතට දැනුණු බවත් ඕස්ට්‍රේලියා බලධාරීන් කියයි. ඕස්ට්‍රේලියා බලධාරීන් පවසන්නේ භූමිකම්පාවෙන් කිසිවෙකුට තුවාල සිදුවූ බවට වාර්තා වී නැති බවයි.
භූමි කම්පාවේ අපි කේන්ද්‍රය පොළොව මට්ටමේ සිට කිලෝ මීටර 17ක් යටින් පිහිටි බව ද වාර්තා වේ. පළමු කම්පනයෙන් පැයකට පසු තවත් සුළු භූමි කම්පනයක් සිදුව ඇතැයි ද මාධ්‍යය වාර්තා කරයි. භූ විද්‍යාඥයන් පවසන්නේ කම්පන දෙකක් සිදුව ඇති බැවින් දිගින් දිගට ම කම්පන සිදුවන්නේ නම් එම අවට විශාල භූමිකම්පාවක් සිදුවන බවට එය පෙර නිමිත්තක් බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ දේශපලුවෙක් එහෙ ගිහිල්ලා හතර වරම් බොරුවක් කියල ඇති. නැති නම් මෙච්චර කලක් ඔහොම පොලව හෙල්ලුන රටක් ද ඕක ? (නදී)
ලෝක ගෝලයේ ශිලා ගෝලයේ තට්ටු ලිස්සන්න පටන් අරන්. හැමදේම අනියත වේ (නදී)