ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ ගංගාවල විශාල මත්ස්‍යයන් මිලියන ගණනක් මිය ගොස් ඇති බව එරට බලධාරීහු පවසති.
මේ සම්බන්ධ පර්යේෂණ කිරීමට ප්‍රාථමික කර්මාන්ත දෙපාර්තමේන්තුව කාර්ය මණ්ඩලයක් එම ප්‍රදේශයට යවා ඇත.
විෂ ඇල්ගී විශේෂයක් හේතුවෙන් මේ ආකාරයට මත්ස්‍යන් මියගොස් ඇති බව අනාවරණය වී ඇත.
එම කලාපයේ මෑතකදී සිදුවූ සිව්වන විශාලතම මත්ස්‍ය විනාශය මෙය වන අතර ගංඟා ජලයට විෂ සහිත ද්‍රව්‍ය මුසුවීම නිසා මත්ස්‍යයන් මිලියන ගණනකගේ ජීවිත මෙවැනි අවදානමට ලක්ව ඇත.
සති අන්තයේ උෂ්ණත්වයේ අඩුවීමක් සිදු වීම සහ මත්ස්‍යයන්ට ලැබිය යුතු ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමක් දක්නට ලැබී ඇත.
මේ හේතුවෙන් මත්ස්‍යන් මිලියන ගණනගේ ජීවිත අවදානම් තත්වයේ පසුවන බව සවුත් වේල්ස් ප්‍රාන්තයේ විශ්ව විද්‍යාලයේ පරිසර පද්ධති විද්‍යාව පිළිබඳ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂක වරයා පැවසුවේය.
(63226)
COMMENTS
ඔස්ට්‍රේලියාවට පිටතින් රැගෙන යන දේ දැඩි පරික්ෂාවට ලක්කර බොහෝ දුරට විනාශ කරන අතර ඔවුන් තමාගේ රටට අයිති මහා බාදක කොරල් පරය ඇතුළු දේශීය තවත් දේශීය ස්වභාවික සම්පත් විනාශ කරගනිමින් සිටි... ලෝකෙට පරකාසේ