ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශයට ඇතුළු වූ ඕකි සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂද්වීප් දිවයිනේ 14 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ.
මියගිය හා අතුරුදන්ව ඇති බොහෝ දෙනා ධීවරයන් බව ජාතික ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වෙරළාරක්ෂක භටයින්ගේ හා නාවුක හමුදාවේ උපකාරය ඇතිව අනතුරට පත් වූ 223දෙනකු බේරා ගත් බව ද ඔවුහු තවදුරටත් පවසති.
සුළි කුණාටුවේ බලපෑමට ලක්වන ප්‍රදේශයේ දහස් ගණනක් පිරිස ඉවත් කරනු ලැබ ඇත.
ඉදිරි පැය 48 ඇතුළත ඕකි සුළි කුණාටුව මුම්බායි සහ ගුජරාටි නගර වලට ඇතුළු වීමට නියමිතව ඇති බව ඉන්දීය කාළගුණික අංශ පවසයි.
ඔවුන් වැඩිදුරටත් පවසන්නේ එම ප්‍රදේශ වලට ගමන් කරන විට සුළි කුණාටුවේ බලපෑම අඩුවනු ඇති බවයි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)


2025 දෙසැම්බර් මස 18
609
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
295
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1094
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඕකී කුණාටුවෙන් ඉන්දියාවේ 14ක් මරුට