පසුගියදා නිමාවට පත් වූ ඔස්කාර් සිනමා සම්මාන උළෙලේදී හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය දිනූ බෙන් ඇෆ්ලික්ගේ ‘ආගෝ’ චිත‍්‍රපටය ඉරාන විරෝධී එකක් යැයි පවසමින් ඒ සම්බන්ධයෙන් නීති මඟින් පියවරක් ගැනීමට ඉරාන රජය සූදානම් වේ.
බෙල් ඇෆ්ලික් අධ්‍යක්ෂණය කරමින් ප‍්‍රධාන චරිතය ද නිරූපණය කළ ‘ආගෝ’ චිත‍්‍රපටයට පාදක වන්නේ 1979 වසරේ ඉරාන විප්ලවයේදී සටන්කාමීන්ගෙන් බේරුණු ඇමෙරිකානු තානාපති නිලධාරීන් හය දෙනකු නිරුපද්‍රිතව යළි ඇමෙරිකාවට පලා යන අයුරුය. ඉරාන විරෝධී ‘ආගෝ’ චිත‍්‍රපටය සම්බන්ධයෙන් නඩු පැවැරීමට ඉරානය සූදානම් වන්නේ ප‍්‍රංශ නීතීඥ සමාගමක නීතීඥවරුන්ගේ සහාය ඇතිවය. මින් ඉදිරියට ඉරාන විරෝධී, ඉරානය විවේචනය කරන අන්දමේ චිත‍්‍රපට නිර්මාණය තහනම් කිරීමට තමන් කටයුතු කරන බව ද ඉරාන රජය අවධාරණය කරයි.