බටහිර සිනමාවේ මෞලි මංගල්‍යය ලෙස සැලකෙන ඔස්කාර් සිනමා සම්මාන උළෙල ඊයේ (27) ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර කොඩැක් රඟහලේදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු අතර හොඳම නළුවා, හොඳම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 5 ක් දිනා ගැනීමට ‘ආටිස්ට්’ චිත‍්‍රපටය සමත්විය.
‘ආටිස්ට්’ යනු සිනමා තාක්ෂණය ඉහළ හිණිපෙත්තට පැමිණ ඇති යුගයක නිර්මාණය වූ නිහඬ කළු සුදු චිත‍්‍රපටයකි.
හොඳම අධ්‍යක්ෂකවරයා වූයේ ‘ආටිස්ට්’ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂක ප‍්‍රංශ ජාතික මයිකල් හසානාවිසියස්ය. හොඳම නළුවා වූයේ එහි ප‍්‍රධාන චරිතය නිරූපණය කළ ප‍්‍රංශ ජාතික ජෝන් ජුඩාර්ජීන්ය.
‘ආටිස්ට්’ චිත‍්‍රපටයේ අපූරු රංගනයක යෙදෙන යූජී නමැති බලූ සුරතලා ද සම්මාන සඳහා නිර්දේශවීම මෙවර ඔස්කාර් සම්මාන උළෙලේදී සුවිශේෂී සිදුවීමකි.
හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ ‘අයන් ලේඩි’ චිත‍්‍රපටයේ එක්සත් රාජධානියේ අගමැතිනියක වන මාගරට් තැචර්ගේ චරිතයට පණ දුන් මෙරලින් ස්ටී‍්‍රප්ය.
හොඳම සහාය නිළිය වූයේ ‘ද හෙල්ප්’ චිත‍්‍රපටයේ රඟපෑ ඔක්ටේවියා ස්පෙන්සර්ය. හොඳම සහාය නළුවා වූයේ ‘බිගිනර්ස්’ චිත‍්‍රපටයේ අපූරු රංගනයක යෙදුණු කි‍්‍රස්ටෝපර් ප්ලම්මර්ය.
හොඳම විදෙස් චිත‍්‍රපටය වූයේ ඉරාන චිත‍්‍රපටයක් වන, අස්ගාර් ෆර්හාඞී නමැති අධ්‍යක්ෂකවරයාගේ ‘ද සෙපරේෂන්’ චිත‍්‍රපටයයි. හොඳම පරිගණක සජීවීකරණ චිත‍්‍රපටය ලෙස සම්මානයට පාත‍්‍ර වූයේ ‘රැංගෝ’ චිත‍්‍රපටයයි.
හොඳම වාර්තා චිත‍්‍රපටය වූයේ ඇසිඞ් ප‍්‍රහාරවලට ලක් වී ජීවිතය ජය ගත් කාන්තාවන් ගැන කියැවෙන ‘අන්ඩිෆීටඞ්’ නමැති පාකිස්තාන කෙටි වාර්තා චිත‍්‍රපටයයි. එහි අධ්‍යක්ෂිකාව ෂාර්මීන් ඔබයිඞ්ය. පාකිස්තාන කෙටි චිත‍්‍රපටයකට ඔස්කාර් සම්මානයක් හිමිවූ ප‍්‍රථම අවස්ථාව මෙයයි.
1
’’එකතුවට බාධාව මම නම් යන්න සූදානම්’’

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.