
‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ විකෘතිය, ‘සැර’ විකෘතියක් නොවේ යැයි අර්ථ ගැන්වීමෙන් තමන් කළේ වරදක් බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි.
ලෝක සෞඛ්‍ය සංවිධානය මෙසේ කීවේ, මේ වනවිට ලොව නන්දෙසින් ‘කොවිඩ් 19 ඔමික්‍රෝන්’ මරණ වාර්තා වීමට පටන්ගෙන ඇති බැවිනි.
ජිනීවා නුවර පැවැත්වූ මාධ්‍ය හමුවට එක්වෙමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබි්රයේසිස් පැහැදිලි කළේ ‘ඔමික්‍රෝන්’ විකෘතිය මේවනවිට ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බවත්, එය දිනපතා ජීවිත බිලි ගන්නා බවත්ය.
‘ඔමික්‍රෝන්’ ඉදිරි සති කීපයේ දී ‘ඩෙල්ටා’ විකෘතිය අභිබවා යමින් ලොව ප්‍රධාන ‘කොවිඩ් 19’ විකෘතිය වනු ඇතැයි ද ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය. මේ වනවිටත් ප්‍රංශයේ ප්‍රධාන ‘කොවිඩ් 19’ විකෘතිය බවට පත් වී ඇත්තේ ‘ඔමික්‍රෝන්’ ය.
“ඔමික්‍රෝන් ආසාදිතයන් ගණන දිනෙන් දින ඉහළ යනවා. වයිරසය බිහිසුණු ලෙස පැතිරෙනවා. ඔමික්‍රෝන් නිසා රෝහල් ගතවීමට සිදුවන පිරිස ඉහළයි. ඒ වගේමයි ඔමික්‍රෝන් මරණ දිනෙන් දින වැඩි වෙන බවක් පෙන්නුම් කරනවා. ඔමික්‍රෝන් ඩෙල්ටා තරම් සැර නැහැ යනුවෙන් අප හඳුන්වා දුන් නිසා ජනතාව එය අවතක්සේරු කළ බවක් පෙනෙනවා. ඔමික්‍රෝන් සුළුවෙන් තකන්න එපා. ඔමික්‍රෝන් සුනාමියට සූදානම් වෙන්න” යැයි ටෙඩ්රෝස් ඇඩ්හොම් ගෙබි්රයේසිස් අවධාරණය කළේය.
ජිනීවා නුවර පැවැති එම මාධ්‍ය හමුවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ‘කොවිඩ්19’ කාර්ය සාධක බලකායේ විශේෂඥ වෛද්‍ය මාරියා වොන් කෙර්කෝව් ද එක් ව සිටියාය. ‘බොහෝ දෙනකු විශ්වාස කරනවා, කොවිඩ් 19 වසංගතය ඔමික්‍රෝන් විකෘතියෙන් අවසන් විය හැකි බව. කොවිඩ් 19 විකෘතියේ සැර බාල වී එය සාමාන්‍ය හෙම්බිරිස්සාවක් වනු ඇති බව. ඒත් මා විශ්වාස කරන්නේ නැහැ කොවිඩ් 19 වසංගතයේ නිමාව ඔමික්‍රෝන් බව. මේ වනවිට ප්‍රංශයෙන් තවත් නව විකෘති ප්‍රභේදයක් වාර්තා වී තිබෙනවා. ඒ ගැන අපේ අවධානය මේ වනවිට යොමු වී අවසන්. ඉදිරියේ දී තවත් විකෘති නිර්මාණය වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසා කිසිදු විකෘති වයිරස ප්‍රභේදයක් අවතක්සේරු කළ යුතු නැහැ.’ යැයි වෛද්‍යවරිය පැහැදිලි කළාය.
(රොයිටර්)
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඔමික්‍රෝන් සැර නෑ කීම බරපතල වරදක්