කතාවක් පවත්වමින් සිටි ඇමරිකා ජනාධිපති බරක් ඔබාමා ගැබිණි කාන්තාවක් වැටෙන්නට නොදී අල්ලා ගත් පුවතක් පසුගියදා වාර්තා විය.

විනාඩි 25ක් පමණ කතාකරමින් සිටි ජනාධිපතිවරයාට පිටුපසින් සිටි කැර්මල් ඇලිසන් නැමැති ගැබිණි කාන්තාවක් සිහිසුන්ව ඇද වැටෙනු දැක කථාව නවතා ඔහු වහා පැන ඇය වැටෙන්නට නොදී අල්ලා ගත්තේය.

වෙනත් කාන්තාවක් පැමිණ ඇය ඉවතට ගෙන යන ලදි. තමාගේ කථාව දිග වැඩි නිසා ඇයට කලන්තේ සැදුණු බව පසුව යලි කතාව අරඹමින් ජනාධිපතිවරයා සිනාසෙමින් පවසා ඇත.

වොෂින්ටන් නුවර ධවල මන්දිරයේ රෝස් ගාඩ්න්හිදී සෞඛ්‍ය රැක ගැනීම ගැන කතාවක් පවත්වමින් සිටියදී මෙම අවස්ථාවට මුහුණ දී තිබේ.

තමා වැනි කෙනෙක්ට එම අවස්ථාවේ උපකාර කිරීම ගැන ස්තූති කරමින් ඇය ජනපති බැරක් ඔබාමාට ට්විටර් පණිවිඩයක් යවා ඇත.