IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඔත්තු බැලූවැයි චෝදනා ලැබ පාකිස්තානයේ සිරකරුවකු වූ ඉන්දීය ගොවියා මරුට

ඔත්තුකරුවකු යැයි පාකිස්තාන අත්අඩංගුවේ පසු වූ ඉන්දීය ජාතික ගොවියකු ඊයේ (2) ඔහු රඳවා සිටි ලාහෝර් බන්ධනාගාරයේදීම මිය යෑමත් සමඟ ඉන්දියාවත් පාකිස්තානයත් අතර අලූත් අර්බුදයක් නිර්මාණය වී ඇත.
සරාබ්ජිත් සිං නමැති එම ගොවියා පාකිස්තාන රජයේ අත්අඩංගුවට පත් වූයේ 1991 වසරේ දීය. ඒ ඔහු පාකිස්තානයට ගිය අවස්ථාවකදීය.
ඔත්තු බැලූ බවටත් බෝම්බ ප‍්‍රහාර හතරක් සම්බන්ධයෙනුත් ඔහුට චෝදනා එල්ල වූ අතර පාකිස්තාන අධිකරණයක් ඔහුට මරණ දඬුවම නියම කළේය.
බන්ධනාගාරයේ සිටිද්දී තවත් සිරකරුවන් දෙදෙනකු පෙරේදා (1)  සරාබ්ජිත් සිංට දරුණු ලෙස පහර දී ඇත. සිං මියගියේ එම ප‍්‍රහාරයෙනි.
සිං තුවාල ලැබූ අවස්ථාවේ ඉන්දීය රජයත්, සිංගේ පවුලේ අයත් පාකිස්තාන රජයෙන් ඉල්ලීමක් කළේ ප‍්‍රතිකාර සඳහා සිං යළි සියරට එවන ලෙසටය. නමුත් පාකිස්තාන රජය එම ඉල්ලීම ප‍්‍රතික්ෂේප කළේය.



අදහස් (0)

ඔත්තු බැලූවැයි චෝදනා ලැබ පාකිස්තානයේ සිරකරුවකු වූ ඉන්දීය ගොවියා මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 668 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 323 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1113 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site