බටහිර අප්‍රිකාවේ පැතිරෙමින් ඇති එබෝලා වසංගතය පාලනය කිරීමට මාස හයක් පමණ ගතවනු ඇතැයි වෛද්‍ය සංවිධාන පෙන්වාදෙයි. ඔවුන් පවසන්නේ එබෝලා පාලනය කිරීමට පහසු කාර්යයක් ද නොවන බවයි.

පසුගිය පෙබරවාරියේ ගයනාවේ දී ආරම්භ වූ එබෝලා වසංගතය ලයිබීරියාව, සියරා ලියොන් සහ නයිජීරියාවේ පැතිර ගොස් ඇත. දැනට එබෝලා හේතුවෙන් මියගිය සංඛ්‍යාව 1069කි. වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වි ඇති ලයිබීරියාවෙනි. වෛද්‍ය අංශ පවසන්නේ පළමුව ලයිබීරියාවේ තත්ත්වය පාලනය කිරීමට නොහැකි වුවහොත් අප්‍රිකා කලාපයේ ම එබෝලා පැතිරයාමේ අවදානමක් පවතින බවයි.

එබොලා කෙනෙකුගෙන් තවත් කෙනෙකුට බෝවීම සිදුවන්නේ  එම රෝගයෙන් පෙලෙන අයෙකුගේ ශරීරයෙන් පිටවන ශ්‍රාවයන් වෙනත් අයෙකුගේ ගැටීම හේතුවෙනි. පළමුව උණ ඇතිවන අතර පසුව ඇස්, විදුරුමස් වැනි ස්ථාන වලින් පවා රුධිරය ගැලීම සිදුවීමට  ඉඩ ඇත. අභ්‍යන්තර ලේ ගැලීම් හේතුවෙන් ඉන්ද්‍රියයන් දුර්වල වීම සිදුවෙයි.

crisis 1