එංගලන්තයේ ප්‍රාථමික පාසල් වලට ආසියානු ගණිත ක්‍රමය හදුන්වාදීමට එරට රජය කටයුතු කරන බවට එරට මාධ්‍ය වාර්තා කළේය.

මේ සදහා 8000කට අධික පාසල් ප්‍රමාණයකට යුරෝ මිලියන 41ක් ලබාදීමට සුදානම් බවද වාර්තා වෙයි.

ෂැන්හයි,සිංගප්පුරුව සහ හොන්කොන් වැනි ප්‍රදේශ වල වැඩියෙන් භාවිත වන ගණිත ක්‍රම පිළිබද ඔවුන්ගේ අවධානය යොමු වී තිබේ.එම ක්‍රමවේදය මේ වන විටත් සමහර පාසල් වල භාවිත වෙන නමුත් නව ගුණාත්මක යෙදවුම් මගින් එම ක්‍රමය තවත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බව සදහන් වේ.ගුරුවරයාගේ පැහැදිලි කිරීම් වලට අමතරව රූපරාමු, කණ්ඩායම් ක්‍රියාකාරකම් සහ උසස් තත්වයේ පෙළපොත් භාවිතා කරමින් දරුවන්ට ගණිත ක්‍රමවේද සොයාගැනීමට උපකාරී කරන ක්‍රමවේදයක් මගින් එම වෙනස සිදුකිරීම වැඩ කටයුතු යොදවා තිබේ.

එමගින් දරුවන්ට නව අදහස් ඇති කරගැනීමට මෙන්ම ඉගැන්වෙන ගණිත සංකල්ප තම උත්සාහයෙන් තේරුම් ගැනීමේ හැකියාව ලැබෙන බව සදහන් වේ.මේ සදහා ගුරුවරුන් පුහුණු කළ බවද බලධාරීහු පවසති.ලොව පුරා සාර්ථක වන ක්‍රමවේදයන් යොදාගනිමින් තම රට තුල ගණිත ක්‍ෂේත්‍රයේ පුනරුදයක් ඇති කරන බව පාසල් භාර අමාත්‍යවරයා පැවසුවේය.

එංගලන්තයට වඩා සිංගප්පුරුව වැනි රටවල අවුරුදු 15ට අඩු මුලික ගණිත හැකියාව නොමැති ළමුන්ගේ ප්‍රතිශතය සියයට 10කින් අඩු බව ජාත්‍යන්තර පරීක්ෂණ පෙන්වා දෙයි.