එක්සත් ජාතින්ගේ හිටපු මහ ලේකම්වරයෙකු (1992- 1996) වු බුත්‍රෝස් බූත්‍රෝස් ගාලි (93) ඊජිප්තුවේ කයිරෝ රෝහලේදී  මියගිය බව බීබීසි පුවත් සේවය වාර්තා කරයි. ශ්‍රෝණි අස්ථියේ බිඳීමක් හේතුවෙන් රෝහල් ගත කර තිබියදී මොහු මියගිය බව ඊජිප්තු රාජ්‍ය මාධ්‍ය ඒජන්සිය නිවේදනය කර ඇත.

ගාලි මහතාගේ මරණය සිදුවූ බව නිවේදනය කරමින් එක්සත් ජාතින්ගේ  වත්මන් මහ ලේකම් බෑන් කී මූන් මහතා පවසා ඇත්තේ ලෝක සාමය සහ ජාත්‍යන්තර මෙහෙවර සම්බන්ධව බුත්‍රෝස් ගාලි මහතා ඉටුකල කාර්යභාරය සදා මතකයේ රැඳෙනු ඇති බවයි.

ඊජිප්තු ජාතිකයෙක් වන බුත්‍රෝස් ගාලි මහතා එක්සත් ජාතින්ගේ සංවිධානයේ ප්‍රධානියා ලෙස සේවය කල පළමු අප්‍රිකානු රාජ්‍යතාන්ත්‍රිකයා වේ.

1992 දී එක්සත් ජාතින්ගේ ප්‍රධානියා ලෙස සේවයට පැමිනි ගාලි මහතා ගල්ෆ් යුද සමයේ තීරණාත්මක භූමිකාවක් ඉටුකර තිබිණි.