
ආදිවාසී අනන්ගු ජනතාවගේ පූජනීය ස්ථානයක් වන උරුළු හි ඡායාරූප අන්තර්ජාලයෙන් ඉවත්කර ගන්නා ලෙස ඕස්ට්‍රේලියා රජය ගූගල් සමාගමෙන් ඉල්ලා තිබේ.
ආදිවාසී ප්‍රජාව විසින් දශක ගණනාවක් තිස්සේ කළ ඉල්ලීම් සහ උද්ඝෝෂන වලින් පසුව 2009 වසරේදී ඕස්ට්‍රේලියානු රජය උරුළු හෙවත් අයර්ස් රොක්, සංචාරකයින් සඳහා වසා දැමීය.
උරුළු පූජනීය ස්ථානය පිහිටා ඇති ජාතික වනෝද්‍යානය අයත් පාර්ක්ස් ඕස්ට්‍රේලියා ආයතනය පවසන්නේ ගූගල් හි අඩංගු ඡායාරූප එම ස්ථානට නැවත නැවතත් සංචාරකයින් පැමිණීමට රුකුලක් වන බවයි.
උරුළු හි සාම්ප්‍රදායික හිමිකරුවන් වන අනන්ගු ජනතාව පවසන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් ගමන් කළ මාර්ගයක් ලෙස එහි ඇති ආධ්‍යත්මික වැදගත්කමක් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීමට තමන් විරුද්ධ වූ බවයි.
පාර්ක්ස් ඕස්ට්‍රේලියා විසින් සිදුකළ ඉල්ලීමට අනුව ඡායාරූප වහාම ඉවත් කරගත් බව මේ සම්බන්ධව අදහස් දක්වමින් ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම ස්ථානයට යෑමට හෝ නැරඹීමට කිසිඳු තහනමක් නැතිඅතර මෙම පර්වතය මතට නැගීම පමණක් තහනම් කර ඇත. ඕස්ට්‍රේලියානු රජයෙන් ඉල්ලා ඇත්තේ උලරු මත නගින හෝ ඇවිදින ඡායාරූප ගූගල් තුලින් ඉවත් කරන ලෙසයි.