වැඩිම බැංකු ශාඛා ප‍්‍රමාණයක් ඇති පළාත ලෙස බස්නාහිර පළාත පවා පරදවමින් පළමු ස්ථානයට පැමිණීමට උතුර පළාත සමත්ව තිබේ.

පුද්ගලයින් ලක්ෂයකට ඇති බැංකු ශාඛා ප‍්‍රමාණයේ අනුපාතය ගණනය කර මහබැංකුව එළිදක්වා තිබෙන අලූත්ම වාර්තාවකට අනුව බස්නාහිර පළාතේ එම අනුපාතය 21.18 ක් වෙද්දී උතුරු පළාතේ අනුපාතය සටහන්ව ඇත්තේ 21.66 ක් ලෙසය.

2008 වසරේ උතුරු පළාතේ මෙම බැංකු ශාඛා - පුද්ගල අනුපාතය 7.39 ක් විය.

නැගෙනහිර පළාතද සැළකිය යුතු තරම් වර්ධනයක් අත්කර තිබෙන අතර බැංකු - පුද්ගල අනුපාතය 16.82 ක අගයක රදවා ගනිමින් එය වාර්තාවේ 3 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව ඇත.

යුද්ධයෙන් පසු උදාවී ඇති සාමකාමී පරිසරයේ උතුරු පළාත දිවයිනේ සංවර්ධන කටයුතු වලට දායක වන අන්දම මෙයින් හොදින් පෙනෙන බව වාර්තාව ගැන අදහස් දක්වන මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියයි.