උතුරු කොරියාව මිසයිල දෙකක් ගුවන් ගතකර ඇති බව දකුණු කොරියානු ආරක්ෂක අංශ පවසයි.
මෙම ප්‍රක්ෂේපණ උතුරු කොරියාවේ නැගෙනහිර වෙරළේ සිට නැගෙනහිර මුහුද ලෙස හැඳින්වෙන ජපාන මුහුද දෙසට ක්‍රියාත්මක කර තිබේ.
දකුණු කොරියාවේ ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (ජේසීඑස්) කියා සිටියේ ඒවා කෙටි දුර බැලස්ටික් මිසයිල යැයි විශ්වාස කරන බවයි.
මාස 18 ක නිහැඬියාවකින් පසු පසුගිය මැයි මාසයේ මිසයිල අත්හදා බැලීම් ආරම්භ වූ අතර එයින් පසු බොහෝ මිසයිල ගුවන් ගතකෙරිණි.
උතුරු කොරියාව සිය අවසන් අත්හදා බැලීම නොවැම්බර් මාසයේදී සිදු කළේය.
එය "සුපිරි විශාල බහු රොකට් ගුවන්ගත කිරීමක්" ලෙස හැඳින්විණ.
අද(02) අත්හදාබැලීම සිදුවන්නේ දකුණු කොරියාව සහ ඇමරිකාව, කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් වාර්ෂික ඒකාබද්ධ අභ්‍යාස කල් දමන බව නිවේදනය කිරීමෙන් දින කිහිපයකට පසුව ය.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.