IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

සෝල්හිදීය/වොෂින්ටන්හිදීය (රොයිටර්)

බලසම්පන්න අන්තර්මහද්වීපික බැලැස්ටික් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලූ බව උතුරු කොරියාව අද (29) නිවේදනය කළේය. 

මෙම බැලැස්ටික් මිසයිල අත්හදා බැලීම සැප්තැම්බර් මස මිසයිලයක් අත්හදා බැලීමෙන් පසු අත්හදා බැලූ පළමු මිසයිලය මෙන්ම ඇමෙරිකා ජනාධිපතිවරයා උතුරු කොරියාව ත්රස්තවාදයට සහාය දක්වන රටක් ලෙස නම් කිරීමෙන් පසු උතුරු කොරියාව අත්හදා බැලූ පළමු මිසයිලයයි.  

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් නොවැම්බර් 20 වැනිදා උතුරු කොරියාව ත්රස්තවාදයට රාජ්ය සහාය දක්වන රටක් ලෙස නම් කළේය. එයින් උතුරු කොරියාවට තවදුරටත් සම්බාධක පැනවීමට ඇමෙරිකා එක්සත් ජනපදයට අවස්ථාව උදා විය. 

උතුරු කොරියාව අත්හදා බලන ලද මෙම නව බැලැස්ටික් මිසයිලයත් සමඟ උතුරු කොරියාව සතු න්යෂ්ටික අවිවලට ඇමෙරිකා එක්සත් ජනපද භූමියට ළඟා විය හැකි යැයි ද පැවසේ. 

අත්හදා බලන ලද නව මිසයිලය කිලෝමීටර 4475 දක්වා වූ උන්තාංශයක් දක්වා ගමන් කළ බව උතුරු කොරියාව පවසයි. එය ජාත්යන්තර අභ්යාවකාශ මධ්යස්ථානයේ උස මෙන් දස ගුණයකි. මිසයිල මිනිත්තු 53ක කාලයක් ගමන් කර තිබෙන අතර පියැසිරි දුර කිලෝමීටර 950 ක් යැයි ද උතුරු කොරියාව සඳහන් කරයි. 

055



අදහස් (9)

උතුරු කොරියාව බැලැස්ටික් මිසයිලයක් අත්හදා බලයි

Don Wednesday, 29 November 2017 03:43 PM

මේ රටට මෙවැනි දේවල් අත්හදා බලන්න දැනුමක්, හැකියාවක් සහ වත්කමක් නැහැ. මේ සියල්ල මොවුන් ලවා කරවන්නේ චීනයයි... චීනයට කෙලින්ම මෙවැනි දේවල් කල නොහැකි නිසා මොවුන්ව ඉත්තන් ලෙස යොදාගන්නවා.. එය ඇමෙරිකාව පවා දන්නවා.

:       938       221

GihanThursday, 30 November 2017 12:58 AM

චීනය බැලස්ටික් මිසයිල, හයිඩ්‍රජන් බෝම්බ හදල සෑහෙන කල්. ඒ 1967දී. ඔය ජාතියේ මිසයිල චීනයට සෙල්ලම් බඩු වගේ. මේ දුර යන මිසයිල චීනය හැදුවේ 1975දි. දැනට ලෝකයේ ඕනෑම තැනකට පහර දිය හැකි මිසයිල චීනය සතුයි.

:       262       866

DonThursday, 30 November 2017 09:19 AM

ඔව් ඉතින් චීන බඩු කොහොමත් සෙල්ලම් බඩු වගේනේ .. මම කියන්නේ ඉස්සර ගැන නෙමෙයි.. වර්තමානයේ මේ වගේ එළිපිට සෙල්ලම් දාන්න අත් හදා බලන්න බැරි හින්දා මේවා මේ රට මගින් කරවා ගන්නවා..

:       78       31

naradaThursday, 30 November 2017 04:46 PM

අම්මෝ අපේ පෝර්ට් සිටි එක පටන් ගත්තු එක හොඳයි.. නැත්නම් එකක් ඒවි...

:       34       0

GihanFriday, 01 December 2017 01:23 PM

චීනෙත් එක්ක තියෙන තරහට මෝඩ කතා කියන්න එපා ඩොන් මහත්තයෝ. පොඩ්ඩක් අන්තර්ජාලයේ ගිහින් බලන්න ඇමරිකාව, රුසියාව, එංගලන්තය සහ චීනය රටවල මිසයිල වල බලය. ඕනෑම රටකට එල්ල කරන්න පුළුවන් බැලස්ටික් මිසයිල ඔවුන් සතුයි. තමන් ගාව තියෙනවට වඩා බලවත් දෙයක් අත්හදා බලනවා මිසක් ඊට අඩු හැකියාවක් තියෙන දෙයක් අත්හදා බලන්නේ ඇයි. මට නම් චීනෙට ඕව තිබුණත් එකයි නැතත් එකයි.

:       20       124

kavantissa Thursday, 30 November 2017 07:18 PM

ඇයි අපේ ලංකාවේ කොච්චර හදනවාද ඔය වාගේ දේවල්. චීනයයි ඇමෙරිකාවයි රුසියාවයි ඕවා ඉගෙනගත්තේ අපෙන්. අහන්ඩ අපේ හාමුදුරුවරුන් ගෙන් මන් කියන්නේ බොරුද කියල.

:       51       55

Nandalal DE SILVA - France Thursday, 30 November 2017 09:04 PM

උතුරු කොරියානු කොල්ලා හෝ එකාගේ බොස්ලාගේ ඔය ගිනිකෙලි සෙල්ලම සදහටම නවතින්නේ ඇමරිකානු අන්තර් මහාද්වීපික බැලස්ටික් මිසයිලයක් එරටට පහත් වෙච්ච දවසටයි. කොල්ලගේ මිසයිල දහයකට ඇමරිකන් මිසයිලයක් කජ්ජක් වගේ පෙනේවි එදාට ! රටවැසියා බඩගින්නේ තියා සරුංගල් යවනවාට වඩා හොඳ නැද්ද ඇමරිකානු ප්‍රහාරයකින් රොත්ත පිටින්ම අළු දුවිලි වෙලා යන හැටි බලන එක ? එහෙම තමා රටේ දිළිඳු බව නැති කරන්න පුළුවන් වෙන්නේ !!! එරටේ ඕවා උඩ යවන උන්ටික නම් භූගත බංකරවලට වෙලා දිවි බේරාගෙන, රුසියාවට හෝ චීනයට පැනලා යාවි උමංමගින් ....

:       135       80

Bamunuarachchi Saturday, 02 December 2017 06:00 AM

දවස් දෙකකට කලින් ඕක දකුණු කොරියාවට එව්වා නම් කොපමණ හොඳද?

:       0       32

dilantha Saturday, 02 December 2017 10:27 AM

එහෙමනම් අද උතුරු කොරියාව කියන රටේ ජනතාවක් නැහැ.

:       33       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1882 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1512 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site