වොෂින්ටන්හිදීය/සෝල්හිදීය (රොයිටර්)
උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට ලිපියක් යවා ඇත. ඇමෙරිකාවේ සංචාරයක නිරත වී සිටින උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන්ගේ සමීපතමයකු වන කිම් යොන්ග් චොල් විසින් එම ලිපිය ඇමෙරිකා ජනාධිපතිවරයාට බාර දීමට නියමිතව තිබේ.
ජූනි 12 වැනිදා ඇමෙරිකා ජනාධිපතිවරයා හා උතුරු කොරියානු නායකයා අතර සිංගප්පූරුවේදී පැවැත්වීමට නියමිත හමුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා කිම් යොන්ග් චොල් ඇමෙරිකා එක්සත් ජනපදය පැමිණියේය.
කිම් යොන්ග් චොල් සහ ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ අතර අද (1) සාකච්ඡා පැවැත්විණි. උතුරු කොරියානු නායකයා ඇමෙරිකා ජනාධිපතිවරයාට යවන ලිපියේ අන්තර්ගතය පිළිබඳ අද (1) සවස් වනතුරුත් කිසිවක් අනාවරණය වී නොතිබිණි.
055


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd