උතුරු ඉන්දියාවේ දුම්රියක් ජීප් රථයක ගැටී අනතුරට ලක් වීමෙන් පුද්ගලයන් 15 දෙනකු ජීවිතක්ෂයට පත්වූ බව වාර්තා වේ.මේ අනතුර සිදුවූයේ ඉන්දීය දුම්රිය පද්ධතියේ සුරක්ෂිතතාව නැංවීම සඳහා දුම්රිය ගාස්තු ඉහළ දැමීමට එරට රජය කි‍්‍රයාකරමින් සිටින අතරතුරය. උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තයේ අනාරක්ෂිත දුම්රිය මාර්ගයක් හරහා ගමන් කිරීමට උත්සාහ ගත් 19 දෙනකු රැගත් ජීප් රථයක් දුම්රියක ගැටී මෙලෙස අනතුරට පත්ව ඇත. ජීප් රථය දුම්රියෙහි ගැටීමෙන් අනතුරුව අඩි විස්සක් පමණ ඈතට විසිවී ගිය බවත් අනතුරින් බරපතල ලෙස තුවාල ලැබූ හතර දෙනාගේ තත්ත්වය අසාධ්‍ය බවත් ප‍්‍රාදේශීය පොලිස් ප‍්‍රකාශකයෙකු පැවසිය. ඉන්දියාවේ බොහෝ දුම්රිය මාර්ග අනාරක්ෂිත අතර සංඥා පද්ධති නිසි ලෙස නඩත්තු නොකිරීම හේතුවෙන් අනතුර ඇතිවීමේ අවදානම ඉහළ ගොස් ඇත. දුම්රිය මාර්ග අනතුරු හේතුවෙන් වසරකට 15,000ක පමණ පිරිසක් ජීවිතක්ෂයට පත් වන බව එරට රජය පවසයි.
1
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd