කතා කිරීමට හැකි පුංචි රොබෝවකු රොකට්ටුවක ආධාරයෙන් පෘථිවි කක්ෂයේ රඳවා ඇති අභ්‍යවකාශ නැවැතුම්පොළට පිටත් කර හැරීමට ජපන් විද්‍යාඥයෝ පෙරේදා (4) සමත් වූහ.
‘කීරොබෝ’ නමින් නම් කර ඇති මේ රොබෝ පොඞ්ඩාගේ උස සෙන්ටි මීටර් 37 කි. පෘථිවියේ සිට අභ්‍යවකාශයට යැවුණු පළමු කතා කරන රොබෝ ද මොහුය.
මේ රොබෝ ලබන නොවැම්බරයේ දී අභ්‍යවකාශ නැවැතුම්පොළට පැමිණීමට නියමිත ජපන් ගගනගාමී කොයිචී වකාටාට සහාය වීමට කියමිත යැයි ජපන් විද්‍යාඥයෝ පවසති.
අභ්‍යවකාශ නැවතුම්පොළට යෑමට නියමිතව ඇත්තේ ලබන 9 වැනිදාය. මේ වනවිට එහි රැුඳී සිටින ගගනගාමීන්ට ‘කීරොබෝ’ මොනවා කියාවිදැයි යන්න දැන ගැනීමට ලොව කවුරු කවුරුත් ආසාවෙන් බලා සිටින බව ඬේලිමේල් පුවත් සේවය වාර්තා කරයි.