උගන්ඩාවේ ජනාධිපතිවරයා, පාර්ලිමේන්තු සභිකයින් සහ ප්‍රාදේශීය නියෝජිතයන් තෝරා ගැනීමට ඡන්ද ප්‍රකාශ කිරීම අද ආරම්භ වූ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරයි. මිලියන 15ක ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලබා තිබෙන බව උගන්ඩා ආරංචි මාර්ග පවසයි.
අවුරුදු 30ක් උගන්ඩාව පාලනය කළ යුවෙරි මුසෙවනි සමග විපක්ෂ අපේක්ෂකයින් හත්දෙනකු ජනාධිපතිවරණය සඳහා තරඟ කිරීමට ඉදිරිපත් වී ඇත.
මැතිවරණ ව්‍යාපාරයේදී විපක්ෂ අපේක්ෂකයින්ට, ඔවුන්ගේ ආධාර කරුවන්ට සහ ප්‍රචාරක කටයුතු වලට රජයෙන් දැඩි බලපෑම් එල්ලවූ බව මානව හිමිකම් සංවිධාන චෝදනා කරයි.
මෙවර මැතිවරණය මුසෙවනිට තීරණාත්මක වනු ඇති බවට විචාරකයෝ මත පලකර ඇත.
COMMENTS