IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


උගන්ඩාවේ ගෝරිල්ලන් සිව්දෙනෙක් අකුණු සැර වැදී මරුට

උගන්ඩාවේ වාසය කරන දුර්ලභ කඳුකර ගෝරිල්ලන් සිව්දෙනකු අකුණු සැර වැදීම හේතුවෙන් මියගොස් ඇතැයි සංරක්ෂණ කණ්ඩායමක් පවසති.

උගන්ඩාවේ එම්ගහින්ගා ජාතික වනෝද්‍යානයෙන් මෙම සිදුවීම වාර්තා වන අතර සංරක්ෂකයින් පවසන්නේ වැඩිහිටි ගැහැණු සතුන් තිදෙනකු සහ පැටවකු මෙලෙස මියගොස් ඇති බවයි.

මියගිය එක් ගැහැණු සතකු ගැබ්ගෙන සිටි බවද ඔවුහු පවසති.

ලොව පුරා ජීවත්වන කඳුකර ගෝරිල්ලන් සංඛ්‍යාව 1,000ක් පමණ වන අතර මෙය එම විශේෂයේ පැවැත්මට සිදුවූ විශාල පාඩුවක් බව සඳහන් වේ.

"මෙය අතිශයින් කනගාටුදායකයි. ගැහැණු සතුන් එම වර්ගය බෝකරන්න සමත් අයයි" යනුවෙන් සංරක්ෂණ කණ්ඩායමේ විධායක ලේකම් ආචාර්ය ඇන්ඩෘ සේගුයා පවසයි.

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ, රුවන්ඩාවේ සහ උගන්ඩාවේ ආරක්ෂිත ප්‍රදේශවලට මෙම කඳුකර ගෝරිල්ලන්ගේ ව්‍යාප්තිය සීමා වී ඇත.

මියගිය සිව්දෙනා හිර්වා නමින් හඳුන්වන 17දෙනකුගෙන් යුත් කණ්ඩායමකට අයත් වන බව වනජීවි බලධාරීහු පවසති. අනික් සතුන් 13දෙනා ආරක්ෂිතව සිටින බවද සඳහන් වේ.

2018 වර්ෂයට පෙර දැඩි තර්ජනයට ලක්ව සිටින සතුන්ගේ ලේඛණයට අයත්ව සිටි කඳුකර ගෝරිල්ලන්, දඩයම් කිරීම තහනම් කිරීම හා මුර සංචාර ඇතුළු දැඩි සංරක්ෂණ ක්‍රමවේදයන් හමුවේ ගහනය යම් ප්‍රමාණයකට වැඩිකර ගැනීමට සමත් වී ඇත.

(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (1)

උගන්ඩාවේ ගෝරිල්ලන් සිව්දෙනෙක් අකුණු සැර වැදී මරුට

විජිත් Sunday, 09 February 2020 07:14 PM

ඔය අකුණ දියවන්නාවේ තියෙන ශ්‍රී ලංකාවේ "නිෂ්පාදනාගාරයේ" සිටින, රටේ මිනිසුන්ගේ ලේ උරාබොන 'නරි' 225ට පාත්වුණා නම් මොනතරම් වටිනවද..? ඒ බව අහන්න අපි පින්කරලා නැතිව ඇති... එ්ත් හෙටවත්...

:       0       103

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site