IMG-LOGO

2025 දෙසැම්බර් මස 02 වන අඟහරුවාදා


ඊශ්‍රායල් චෙස් සම්මේලනය සෞදි අරාබියෙන් වන්දි ඉල්ලයි

ජෙරුසලමේදීය (ඒ.එෆ්.පී.)
 
තම ක්‍රීඩකයන්ට වීසා ලබා නොදීම සම්බන්ධයෙන් සෞදි අරාබියෙන් වන්දි ඉල්ලීමට කටයුතු කරන බව ඊශ්‍රායල චෙස් සම්මේලනය සඳහන් කරයි. සෞදි අරාබියේ පැවැත්වෙන චෙස් තරඟාවලියකට සහභාගීවීම සඳහා ඊශ්‍රායල ජාතික චෙස් ක්‍රීඩකයන් වීසා අයඳුම්පත් යොමු කර තිබෙන අතර එහිදි ඔවුන්ගේ අයදුම්පත් ප්‍රතික්ෂේප වී තිබේ. 
 
‘වර්ල්ඩ් රැපිඩ් ඇන්ඩ් බිලිට්ස්’ චෙස් ශූරතා තරගාවලිය ලෙසින් සෞදි අරාබියේ සල්මන් රජුගේ නාමය ද ඇතුළත්ව එම තරඟාවලිය නම් කර තිබේ. එය සෞදි අරාබියේ පැවැත්වෙන පළමු ජාත්‍යන්තර චෙස් තරගාවලිය වේ. සාම්ප්‍රදායික දැඩි ඉස්ලාමීය නීති රීති සහිත රටක් ලෙස සැලෙකන සෞදි අරාබිය තමන්ගේ විවෘතභාවය ලොවට පෙන්වීමට ගන්නා ලද එක් ක්‍රියාමාර්ගයක් ලෙස මෙම චෙස් තරඟාවලිය හඳුන්වා දී තිබිණි. 
 
ජාත්‍යන්තර චෙස් සම්මේලනයේ නීතිරීතිවලට අනුව කිසිදු   ක්‍රීඩකයකුට තරගයට සහභාගී වීමේ අවස්ථාව අහිමි කළ නොහැකි වුවද තරගාවලියට සහභාගී වීම සඳහා ඉරානය, කටාරය සහ ඊශ්‍රායල ක්‍රීඩාකයන්ට සෞදි අරාබියට පැමිණීමට වීසා ලැබී නොමැති බව පැවසේ. 
 
කෙසේ නමුත් ඊයේ (25) දිනය වන විට ඉරාන සහ කටාර් රාජ්‍යයේ ක්‍රීඩකයන්ට වීසා ලබාදීම සඳහා සෞදි බලධාරීන් සමඟ එකඟතාවකට පැමිණීමට ලෝක චෙස් සම්මේලනය සමත් වුවද ඊශ්‍රායල ක්‍රීඩකයන්ට වීසා ලබාදීමට සෞදි බලධාරීන් එකඟත්වය පළ කර නැතැයි වාර්තා විය.  
 
සෞදි අරාබිය ඊශ්‍රායලය සම්බන්ධයෙන් අනුගමනය කරන ප්‍රතිපත්තිය කිසිදු අවස්ථාවකදී වෙනස් නොකරන බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් සෞදි බලධාරියකු පවසා තිබේ. 
 
ලෝක චෙස් සම්මේලනය නොමඟ යවනවා යැයි ඊශ්‍රායලය සෞදි අරාබියට චෝදනා එල්ල කර තිබූ අතර තරගාවලියට සහභාගී වීමට නොහැකි වීම නිසා තම ක්‍රීඩකයන් හත් දෙනාට වෘත්තීමය ලෙස සහ මූල්‍යමය ලෙස සිදු වූ හානියට වන්දි ගෙවිය යුතු යැයි ද ඊශ්‍රායලය සෞදි අරාබියට අවධාරණය කර තිබේ. 
මේ සම්බන්ධයෙන් ලෝක චෙස් සම්මේලනය නිල වශයෙන් කිසිවක් ප්‍රකාශ කර නොතිබූ අතර චෙස් තරගාවලිය අද (26) ආරම්භ විය. සෞදි අරාබිය සහ ඊශ්‍රාලය නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොපවත්වයි. 
 
055



අදහස් (1)

ඊශ්‍රායල් චෙස් සම්මේලනය සෞදි අරාබියෙන් වන්දි ඉල්ලයි

saleeth Thursday, 28 December 2017 04:52 AM

ක්‍රීඩාව පැත්තෙන් බැලුවොත් ඕනෑම ක්‍රීඩකයෙකුටම ඕනෑම රටකට යාමට අවසර දියයුතුයි. නමුත් ඊශ්‍රායල් රජය කරන මිලේජ්ජ කුරිරු වැඩ වලට මොනවද කරන්න ඔනෙ කියන්න බලන්න.

:       6       46

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 252 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 303 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1222 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site