ඉරානය ඉලක්ක කරගනිමින් දිගු දුර මිසයිල ස්ථානගත කරන බවට ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු  මහතා  අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
 මෙම ප්‍රහාර සඳහා පූර්ව සූදානමින් සිටින බවට මැදපෙරදිග සාමය සහ ආරක්ෂාව පිළිබඳ  පෝලන්තයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් අගමැතිවරයා පැවසුවේය.
 
 ඊශ්‍රායලය  නිරන්තරයෙන් අවබෝධයෙන් වැඩකළ යුතු බවත්, ඉරානය වැළැක්වීමට අවශ්‍ය බවත් අගමැතිවරයා ප්‍රකාශ කළේය. 
 
 ඉරානය මැද පෙරදිග කලාපය තුළ අස්ථාවරකාරී බලපෑමක් ඇති කරන බව එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මයික් පොම්පේ මහතා ගිය මාසයේ දෙදින සමුළුවක් අමතමින් පැවසුවේය.
 
 
(63226)