IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ඊජිප්තු හිටපු අගමැතිට තෙවසරක සිරදඬුවමක්

බලයෙන් පහ කළ ඊජිප්තු ජනපති හොස්නි මුබාරක්ගේ රජයේ අගමැතිවරයා ලෙස කටයතු කළ අහ්මඞ් නසිෆ්ට එල්ල වූ දුෂණ චෝදනාවලට වැරැදිකරු වීම නිසා එරට අධිකරණයක් ඊයේ(13) තෙවසරක සිරදඬුවමක් සහ ඩොලර් මිලියන 1.5ක දඩයක් නියම කළේය. වත්මන් ඊජිප්තු ජනපති මොහොමඞ් මොර්සි ජනාධිපතිවරණය ජය ගැනීමෙන් අනතුරුව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පළා ගිය නසිෆ්ව අත්අඩංගුවට ගැනීමට එරට අධිකරණයක් ඉකුත් සතියේදී වරෙන්තු නිකුත් කළේය. හොස්නි මුබාරක්ගේ පුතුන් දෙදෙනාට එරෙහිව කි‍්‍රයාත්මක වන නඩු විභාගයේදී දුෂණ චෝදනාවලට වැරැදිකරු වූ නසිෆ්ට සිරදඬුවම සහ දඩමුදල නියම කළ බව එම නඩුව විභාග කළ විනිසුරුවරයා පැවැසීය. 2004 වසරේදී ඊජිප්තු අගමැති ලෙස වැඩ බාරගත් නසිෆ් 2011 ජනවාරි මාසයේදී සිය ධූරයෙන් ඉවත් වූයේ එවක ජනපතිව සිටි හොස්නි මුබාරක්ට එරෙහි උද්ඝෝෂණ ආරම්භවීමට පෙරය.



අදහස් (0)

ඊජිප්තු හිටපු අගමැතිට තෙවසරක සිරදඬුවමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 33 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site