IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ඊජිප්තු පාපන්දු කී‍්‍රඩාංගණයක දරුණු ගැටුමකින් 75 ක් මියයති

ඊජිප්තු පාපන්දු කී‍්‍රඩා සමාජ දෙකක් අතර පෙරේදා (2) රාති‍්‍රයේ  පැවැති තරගයක් අතරතුරේ හටගත් දරුණු ගැටුමකින් පුද්ගලයෝ 75 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 150 කි. තුවාල ලැබූවන්ගෙන් 45 දෙනකුගේ තත්ත්වය බරපතළ යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ගැටුම හටගත්තේ ඊජිප්තුවේ මධ්‍යධරණී නගරයක් ලෙස සැලකෙන පෝට් සේඞ් නගරයේ පාපන්දු කී‍්‍රඩාංගණයේය. පාපන්දු තරගය පැවැත්වුණේ ‘අල් මස්රි’ සහ ‘අල් අහ්ලි’ යන කණ්ඩායම් දෙක අතරේය. අල් මස්රි සහ අල් අහ්ලි යනු ඊජිප්තුවේ වඩාත් ප‍්‍රකට පාපන්දු කණ්ඩායම් දෙකය. පෝට් සේඞ් නගරයේ  පාපන්දු පිල අල් මස්රි කණ්ඩායමයි. අල් අහ්ලි යනු කයිරෝ නුවර පාපන්දු කණ්ඩායමකි. පෙරේදා රාති‍්‍රයේ පැවැත්වුණේ ඊජිප්තු ලීග පාපන්දු තරගාවලියේ එක් තරගයකි. සිදුවූ ප‍්‍රචණ්ඩ කි‍්‍රයාවලින් පසු පාපන්දු තරගාවලිය අවලංගු කර දමා ඇතැයි ද වාර්තා වේ. තරගයෙන් වැඩි වාසි අත්වුණේ අල් අහ්ලි පිලටය. එහෙයින් කෝපයට පත් අල් මස්රි පිලේ කී‍්‍රඩාලෝලීන් කී‍්‍රඩාංගනයේ ආරක්ෂක නිලධාරීන් සහ පොලිස් නිලධාරීහු පෙරළා ගෙන පිටියට කඩා වැදී අල් අහ්ලි පිලේ කී‍්‍රඩකයන්ට පහර දෙන්න වූහ. එම අවස්ථාවේදී තරගය නැරැඹීමට පැමිණි අල් අහ්ලි පිලේ ආධාරකරුවෝ අල් මස්රි පිලේ කී‍්‍රඩාලෝලීන්ට පහර දෙන්න වූහ. ඔවුහු කී‍්‍රඩාංගණයට ගිනි තැබීමට ද පටන් ගත්හ. දෙපිරිස අතර ගැටුම උග‍්‍රවෙද්දී කී‍්‍රඩාංගණයට රැස්ව සිටි පිරිස අතරේ ලොකු තෙරපීමක් ද හට ගැනුණි. බොහෝ ජීවිත හානි සිදුවූයේ එම අවස්ථාවේදීය. කී‍්‍රඩාංගණයේ සිටි පොලිස් සහ ආරක්ෂක අංශ නිලධාරීන්ට තත්ත්වය පාලනය කර ගැනීමට නොහැකි වූ හෙයින් කැරැලි මර්දන පොලිස් බලඇණියක් ද කී‍්‍රඩා පිටියට පැමිණියේය. පාපන්දු තරග නිසා ඊජිප්තුවේ පමණක් නොව පාපන්දු කී‍්‍රඩාව ජනපි‍්‍රය වෙනත් රටවල පවා නිරන්තරයෙන් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා සිදුවේ. එහෙත් පෝට් සේඞ් කී‍්‍රඩාංගනයේ හටගත්තේ පා පන්දු කී‍්‍රඩා ලෝලීන් අතර සාමාන්‍ය ගැටුමක් නොව යුද්ධයක් බවත් කී‍්‍රඩංගණය එකම ලේ විලක් වූ බවත් ඊජිප්තු මාධ්‍ය වාර්තා කළේය. පාපන්දු කී‍්‍රඩා තරගයකදී මීට පෙර මෙවැනි ප‍්‍රචණ්ඩ කි‍්‍රයා වාර්තා වූයේ 1996 වසරේදී යැයි ඊජිප්තු රජය පවසයි. වසර 30 කට ආසන්න කාලයක් තිස්සේ බලයේ සිටි ජනාධිපති හොස්නි මුබාරක් ජනතා විරෝධතා හමුවේ බලයෙන් ඉවත් වීමෙන් පසු ඊජිප්තුව අරාජිත වී ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. කලහකාරීව හැසිරුණු පිරිස්. පාපන්දු ක‍්‍රීඩකයන්ට පොලිස් ආරක්‍ෂාව



අදහස් (0)

ඊජිප්තු පාපන්දු කී‍්‍රඩාංගණයක දරුණු ගැටුමකින් 75 ක් මියයති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site