IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


ඊජිප්තු නව ජනපති හමුදා පාලක මණ්ඩලයේ බලතල කප්පාදු කරයි

ඊජිප්තු නව ජනාධිපති මොහොමඞ් මොර්සි එරට ආරක්ෂක අංශවල වෙනස්කම් රැුසක් සිදු කිරීමට පියවර ගෙන ඇති අතර එරට පාලන බලය පැවැරී තිබෙන හමුදා පාලක මණ්ඩලයේ බලතල ඒ අනුව පෙරේදා (12) කප්පාදුවට ලක් විය. හමුදාවේ ප‍්‍රධානතම ජනරාල්වරුන් විශ‍්‍රාම යැවීමත් ඔවුන්ගේ ධුර වෙනස් කිරීමත්, හමුදා ආඥාවේ නව වෙනසක් ඇති කිරීමත් ඊජිප්තු ජනපතිවරයාගේ අරමුණ විය. හමුදා පාලක මණ්ඩලයකට ඊජිප්තුවේ බලය පැවැරුණේ ජනතා විරෝධය හමුවේ හොස්නි මුබාරක් බලයෙන් ඉවත් වූ අවස්ථාවේදීය. හමුදා නායකයන්ට බලය පවරා දුන්නේ ද මුබාරක්ය. ඉකුත් ජූනි මාසයේ පැවැති ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනාධිපතිවරණයෙන් මුස්ලිම් සහෝදරත්වය නමැති දේශපාලන පක්ෂය නියෝජනය කළ මොර්සි ජයග‍්‍රහණය කර නව රජයක් පිහිටුවූ අවස්ථාවේදී පවා එම හමුදා පාලක මණ්ඩලයේ හමුදා නායකයෝ බලය අත්හැරීම ප‍්‍රතික්ෂේප කළහ. එම අවස්ථාවේදී හමුදා පාලක මණ්ඩලය සහ ජනපති මොර්සි අතර අර්බුදයක් හට ගත් නමුත් දීර්ඝ සාකච්ඡුාවලින් පසු එය විසඳා ගැනීමට දෙපාර්ශ්වයටම හැකිවිය. හමුදා පාලක මණ්ඩලයේ ප‍්‍රධානියා වූයේ 76 හැවිරිදි හමුදා මාෂල්වරයකු වන හුසේන් ටන්ටාවීය. හමුදා පාලක මණ්ඩලයේ මාණ්ඩලික ප‍්‍රධානියා වූයේ සැමී එනාන්ය. ජනපති මොර්සිගේ තීරණය අනුව මොවුන් දෙදෙනාගේ බලතල වෙනස් වේ. හොස්නි මුබාරක් පාලනය අවසන් වීමෙන් පසුව ද ඊජිප්තුවේ ගැටුම් ඇතිවිය. ඊට හේතු වූයේ හමුදා පාලක මණ්ඩලය ගත් තීරණයි. එම නිසා ඊජිප්තුවේ නව දේශපාලන පෙරැුළියක් සිදු කරමින් හමුදා පාලක මණ්ඩලයේ බලතල කප්පාදු කිරීමට ජනපති මොර්සි ගත් තීරණය ප‍්‍රසංශනීය යැයි දේශපාලන විශ්ලෝෂකයෝ පෙන්වා දෙති. හුසේන් ටන්ටාවී (වමේ) ජනපති මොර්සි (මැද) සහ සැමී එනාන්



අදහස් (0)

ඊජිප්තු නව ජනපති හමුදා පාලක මණ්ඩලයේ බලතල කප්පාදු කරයි

මදුෂා Tuesday, 14 August 2012 12:17 PM

ඔය එන්නේ හොදකට නෙවෙයි (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 71 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 350 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site