ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින් ඊජිප්තු නව ජනාධිපති මොහොමඞ් මොර්සි ඊයේ (28) තෙදින නිල සංචාරයක් සඳහා චීනයට පැමිණියේය. ජනපති ධුරයට පත්වීමෙන් පසු මොර්සි විදෙස් සංචාරයකට එක් වූ පළමු අවස්ථාව මෙයයි.
බීජිං නුවරට පැමිණි ඊජිප්තු ජනපතිවරයා ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබුවේ චීන අගමැති වෙන් ජියාබෝ විසිනි. අගමැති මොර්සි සමඟ ඊජිප්තු ඇමැතිවරුන් කිහිප දෙනකු මෙන්ම ව්‍යාපාර ප‍්‍රධානීහු ද මෙම සංචාරයට එක් වූහ.
ඊජිප්තුව සහ චීනය අතර වෙළෙඳ ගිවිසුම් හතකට අත්සන් තැබිණි. විදුලි බල නිෂ්පාදන, අන්තර්ජාල සේවා මෙන්ම ඊජිප්තුවේ ලූණු කර්මාන්තය නගා සිටුවීමට චීනයේ සහාය ලබා ගැනීමට ඊජිප්තු රජය බලාපොරොත්තු වෙයි.
හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් වීමෙන් පසු පැවැති නිදහස් මැතිවරණයෙන් ජයගත් මුස්ලිම් සහෝදරත්වය පක්ෂයේ නායක මොර්සි ජනපති ධුරයට පත් වූයේ ඉකුත් ජූනි මාසයේදීය.
හොස්නි මුබාරක් පාලනය අවසන් කිරීමට ජනතා විරෝධය ඉස්මතු වූ අවස්ථාවේ සිට ඊජිප්තුවේ ආර්ථිකය දරුණු ලෙස කඩා වැටීමකට ලක් විය.
කඩා වැටුණු එම ආර්ථිකට නව පණක් දෙමින් විදේශීය ආයෝජන ආරක්ෂා කර ගැනීමේ අරමුණින් ජනපති මොර්සි මෙම චීන සංචාරයට එක් විය.
හොස්නි මුබාරක් ජනපති ධුරයේ සිටිද්දී ඇමෙරිකාවට දැක්වූ පක්ෂපාතීත්වය නිසා ඇමෙරිකාවෙන් ඊජිප්තුවට වසරකට ඇමෙරිකන් ඩොලර් බිලියන 3.5 ක මුදලක් හිමිවෙයි.
නව රජයක් බලයට පත් වුව ද එය තවදුරටත් කි‍්‍රයාත්මකය. කෙසේ නමුත් එම මුදලින් වැඩි කොටසක් යෙදවෙන්නේ ඊජිප්තුවේ හමුදාවටය.
චීන සංචාරය අවසන් වීමෙන් පසු ජනපති මොර්සි, ඉරානයේ පැවැත්වෙන නොබැඳි ජාතීන්ගේ සමුළුවට සහභාගී වීමට නියමිතය. ඒ අනුව ඊජිප්තු ජනපතිවරයකු ඉරාන සංචාරයකට එක් වනු ඇත්තේ වසර 30 කට පසුවය.
2025 නොවැම්බර් මස 17
121
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
972
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2577
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
ඊජිප්තු නව ජනපති චීනයේ සංචාරයක