ඊජිප්තු මැතිවරණයෙන් ජයග‍්‍රහණය කළ ‘මුස්ලිම් සහෝදරත්වය’ පක්ෂයේ නායක මොහොමඞ් මොර්සි පෙරේදා (30) ජනපති ධුරයේ දිවුරුම් දුන්නේය.
ඒ අනුව අරාබි ලෝකයේ වැඩිම ජනගහනයක් සිටින රාජ්‍යය වන ඊජිප්තුවේ ප‍්‍රථම ඉස්ලාමීය ජනාධිපතිවරයා වන්නේ මොහොමඞ් මොර්සිය.
දිවුරුම් දීමෙන් පසු කයිරෝ නුවර තහ්රීර් චතුරස‍්‍රයට රැස්ව සිටි දහස් ගණන් ඊජිප්තු වැසියන් අමතමින් නව ජනපතිවරයා ප‍්‍රතිඥාවක් දුන්නේ ඊජිප්තුව සිවිල් රාජ්‍යයක් බවට පත් කිරීමටත් ඊජිප්තු මුස්ලිම්වරුන්ට සහ ඊජිප්තු කි‍්‍රස්තියානුවන්ට රටේ සමඟියෙන් ජීවත් වීමට සුදුසු වාතාවරණයක් ඇති කරන බවත්ය.
පසුගිය වසරේ මාර්තු මාසයේදී ‘අරාබි වසන්තය’ ඇරැඹී, ඒකාධිපතිවාදී පාලන රටාවක් ගෙන ගිය හොස්නි මුබාරක් බලයෙන් නෙරපා දැමීමට ජනතා විරෝධතාවලදී ‘මුස්ලිම් සහෝදරත්වය’ ප‍්‍රමුඛස්ථානයක් ගෙන කි‍්‍රයා කළේය.
මුබාරක් බලයෙන් ඉවත් වූයේ හමුදා පාලක මණ්ඩලයකට රටේ පාලනය බාර දෙමින්ය. එම පාලක මණ්ඩලයේ බලතල අඩු කිරීමට තමන් කටයුතු කරන බවට ද නව ජනාධිපති මොහොමඞ් මොර්සි ප‍්‍රතිඥාවක් දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
637
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
531
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
433
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඊජිප්තු ජනපති මොර්සි දිවුරුම් දෙයි
ඒ.ඒ.ඒ. Tuesday, 03 July 2012 02:22 PM
යන්තං ඇති ඊජිප්තුවට සර්යා නීතිය ගෙනාවා...