දූෂණ වංචා සහ මිනීමැරුම් චෝදනා මත සිරභාරයට ගනු ලැබ සිටින ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ඉදිරි දින කිහිපයේදී නිදහස් වීමට ඉඩ ඇතැයි ඔහුගේ නීතීඥවරු පවසති.
|
ඊජිප්තුවේ හිටපු ජනාධිපති හොස්නි මුබාරක් ගිලන් ඇඳ පිටින්ම අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබූ අවස්ථාව... |
මුබාරක්ගේ නඩු විභාගය පෙරේදා (19) පැවැත්වුණු අතර, දූෂණ චෝදනා සම්බන්ධයෙන් ඔහු තව දුරටත් අත්අංඩගුවේ රඳවා නොගන්නා බවට අධිකරණය තීන්දු කළේය.
මුබාරක්ගේ නීතීඥවරුන් කියා සිටින්නේ ඉදිරි දින කිහිපය තුළ දී මුබාරක් ඇප මත මුදා හැරීමට අධිකරණය තීන්දු කරනු ඇති බවය.
2010 අරාබි වසන්තයෙන් පසු, වසර 30 කට ආසන්න කාලයක් ජනපති ධුරයේ සිටි හොස්නි මුබාරක්ගේ පාලනය අවසන් විය. ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසු, මුබාරක් රෝගී වූයේය. ඔහුට පිළිකාවක් ඇති බව ද වෛද්‍යවරු පැවැසූහ. ඔහු අධිකරණයට පැමිණෙන්නේ ද ගිලන් ඇඳ පිටින්ය.
2010 වසරේ මුබාරක්ට එරෙහිව ජනතා විරෝධය ඉස්මතු වූ අවස්ථාවේදී ඔහු පොලිසිය යෙදවීම නිසා විරෝධතාකරුවෝ දහසකට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත්වූහ. මුබාරක්ට මිනීමැරුම් චෝදනා එල්ල වූයේ ඒ අනුවය.
ජනතා විරෝධය මැද ජනපති ධුරයෙන් මුබාරක් ඉවත් වූයේ, හමුදා පාලක මණ්ඩලයක් පිහිටුවා ඊට රටේ බලය පවරා දීමෙන් පසුවය. අද, ජනතා ඡුන්දයෙන් තේරී පත් වුණු ජනපති මොහොමඞ් මොර්සිට එරෙහිව හමුදා කුමන්ත‍්‍රණය කි‍්‍රයාත්මක කළේ ද එම හමුදා පාලක මණ්ඩලයයි. මොර්සි ජනතා ඡුන්දයෙන් බලයට ආවේ, මුබාරක්ගේ ඉවත් වීමෙන් පසු ඊජිප්තුවේ පැවැත්වුණු ප‍්‍රථම ප‍්‍රජාතන්ත‍්‍රවාදී මැතිවරණයෙනි.
ජනපති ධුරයට පත්වීමෙන් පසු මොර්සි, එම හමුදා පාලක මණ්ඩලය සමඟ ගැටුණේය. ඔවුන්ගේ බලතල කප්පාදු කිරීමට උත්සාහ කළේය. මොර්සි තරයේ කියා සිටියේ ඊජිප්තුවට හමුදා බලය අවශ්‍ය නැති බවය. හමුදා පාලකයන් සහ මොර්සිගේ රජය අතර අර්බුදයක් නිර්මාණය වූයේ එම අවස්ථාවේදීය. එය හමුදා කුමන්ත‍්‍රණයක් තෙක් දුර දිග ගියේය.
COMMENTS
අරාබි වසන්තය අරාබි ගිම්හානයක් බවට පත්වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරන බව කියමින් මේ බල අරගලවලට උදව් දුන් බටහිර රටවලටත් දැන් පාලනය කරන්න බැහැ තමන්ගෙන් උදව් ලැබූ කැරලිකාරයින්ව. ලේ වැගිරීම් හැමදාම. තමන්ගේ අනාගතය තමන්ම හදා ගන්නේ නැතුව බලකාමී බටහිර රටවල් උදව්වට ගෙන්න ගත්තොත් ඔය ටික තමයි කාටත්. (ස)
වැරදිකරුවන්ට දඩුවම් ලැබිය යුතුයි,මිනි මරා බේරෙන්න බැහැ කවදාවත්. මෙයාට දෙවියෝ දඩුවම් දීලා තියනවා වගේ. (නි)
වුනේ මොනවද වෙන්නේ මොනවද කියලා නම් හිතා ගන්න බැහැ.නමුත් මේ වෙනකොට අරාබි වසන්තය නිසා අරාබි රටවල් රැසක්ම (ඊජීප්තුව ඇතුළුව) විනාශ වෙලා කියල නම් පේනවා..අපේ හිත මිතුරු ඊජීප්තු ජාතිකයනුත් ඒ බව පවසනවා.. (ස)
ගුවන් නියමුවෙක් ලෙස සේවය කළ හොස්නි මුබාරක් මහතා 1982 දී බලයට පත් වී මුල් වසර 10 තුල රටේ කෘෂිකර්මාන්තය නගාසිටුවීමට උර දුන් අතර නොයෙක් කර්මාන්ත ශාලා ආරම්භ කරමින් ජනජීවිතය නගාසිටුවීමට කැපවූ නායකයෙකි. රටේ මාධ්‍ය නිදහස ව්‍යවස්ථාවෙන් නීතිගත කළ ලොව එකම නායකයා ලෙස මෙතුමා ඉතිහාසයට එක්වෙනු ඇත.එහෙත් පසුකාලීනව බලය රැකගැනීම සදහා ඔහු විසින් කරන ලද නීති විරෝධී හා සමාජ විරෝධී ක්‍රියා හේතුවෙන් ජනතා අප්‍රසාදයට පත් විය .ඊශ්‍රායලයේ අගමැතිව සිටි ඉස්රක් රබීන් සමග සාම ගිවිසුමකට එලබ ඊජිප්තුවට සාමය ලබා දුන්නේද මොහුය (නි)