ඊජිප්තුවේ මින්‍යාහි ටුනා ඇල්-ගෙබෙල් පුරාවිද්‍යා භූමියෙන් ක්‍රිස්තු පූර්ව 305-35 යුගයට අයත් මමි 50ක් සොයාගත් බව එරට පුරාවිද්‍යා අමාත්‍යාංශය පවසයි.
මෙයින් මමි 12ක් දරුවන්ගේ වන අතර සියල්ලම පොළව මට්ටමින් මීටර් නවයක් පමණ ගැඹුරේ පිහිටි සොහොන් කුටීර හතරක තැන්පත් කර තිබී ඇත.
සමහර මමි ලිනන් රෙදි වපින් ඔතා තිබූ බවත් අනෙක් ඒවා දැව හෝ පාෂාණ වලින් සෑදූ පෙට්ටි වල බහා තිබූ බවත් පුරාවිද්‍යාඥයෝ පවසති.
මොවුන්ගේ අනන්‍යතාවය සොයාගෙන නොමැති නමුත් වැදගත් නිලතල දැරූ පිරිසකගේ මමි වියහැකි බව සඳහන් වේ.
මෙම පුරාවිද්‍ය භූමිය කයිරෝ අගනුවරට දකුණින් පිහිටා ඇත.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමූහ මිනීවලක්ද?